පුත්තලමේ ලෙඩාගේ අවදානම ටිකෙන් ටික අඩුවෙනවා







පුත්තලමේ ගඩොල් කපන්නාට ජනනේන්ද්‍රීය බද්ධ කිරීමේ සැත්කම සාර්ථක වන බවට ලක්ෂණ රෝගියාගෙන් දිස්වන බව  කොළඹ ජාතික ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා පවසයි. 

ඔහු එසැණට මෙසේ කීවේය.
ඇත්තටම මේ වන විට රෝගියා  හොද තත්ත්වයේ පසු වෙනවා  අප සියල්ලන්ගේම  බලාපොරොත්තුව මෙම ශල්‍ය කර්මය සාර්ථක බව තහවුරු කැර ගැනීමයි.
අප සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වුයේ රෝගියාගේ තත්ත්වය හොදයි.
සැත්කමේ අවදානම ටිකෙන් ටික අඩු වෙනවා මෙය අතක ඇගිල්ලක් බද්ධ කරනවා වගේ ක්‍රියාවලියක් නොවේ.ඉතාමත් සංකීර්ණ සැත්කමක්.
මෙම රෝගියාගේ ජනනේන්ද්‍රීය කැපී යාමෙන් ඔහු මරණය පවා සිදු විය හැකි නේද  යැයි අප ඇසු පැනයට  පිළිතුරු දෙමින්  වෛද්‍යවරයා මෙසේ පැවසුයේය.
නෑ කොහෙත්ම නෑ ජනනේන්ද්‍රීය කැපී යාමෙන්  ජීවිත හානියක් සිදු වන්නේ නෑ.නමුත් වෘෂණ කෝෂ තදින්  මිරිකුවහොත් හෝ තද පහරදීමකින් පැරා සිම්පතටික්ස් තත්ත්වයක් එකවරම සිදු වී හදවත අක්‍රීය වී රෝගියා මිය යා හැකියි.කැපී යාමකදී ජීවිත හානි සිදු වන්නේ නෑ.
සැත්කමට ලක් කළ රෝගීයාට නැවත සිය ලිංගික කටයුතු  පෙර පරිදි  ගෙවාලීමට හැකිද යන්න  පිළිතුරු දෙමින්  වෛද්‍ය දුලීප් පෙරේරා මහතා මෙසේ කිවේය.
අපගේ ශරීරයෙන් වෙන් වී ගිය ගිසිම අවයවයක් යළිදු පෙර තිබු ආකාරයටම  ක්‍රියාත්මක වීම සිදු කළ නොහැකි බව අප කාටත් පැහැදිළියි.
 නමුත් මෙය ජනනේන්ද්‍රීය ප්‍රාණවත් වීම සිදු වේවි නමුත් රාගික් හැගීම් නිසි අයුරින් ලැබේද යන්න පැහැදිළිව ප්‍රකාශ කළ නොහැකියි රෝගියාගේ එම ස්නායු කැපී ගොස් තිබුණා.
රෝගීයා සුවය ලබා පිටවී යන  දිනයක්  හරියටම කියන්න බෑ.රෝගීයා සාමාන්‍ය පරිදි සිටින බව පෙනුනත්  ඔහු කිසිවකු සමඟ කතා කරන්නේ නෑ.
මොහු කිසියම් මානසික අපහසුතාවකින්  පෙලෙන බවත් පෙනී යනවා. මොහු උදේශන සේවාවට පවා යොමු කිරීමේ අවශ්‍යතාව පවතිනවා.සැත්කමේ පරීක්ෂණ කාලය  අවදානම් කාලය දින හයක් යන තුරු පවතිනවා ඉද්ධ කළ කොටස් නැවත සිරුරුට හා වේනවාද යන්න මිය යනවාද යන්න නිරීක්ෂණය කරමින් අප පසු වෙනවා.
සැත්කම සිදු කළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී  ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී  විශේෂඥ වෛද්‍ය දුලීප් පෙරේරා මහතා
ලංකාදීප