ජොනී නව උපාධිධාරීන් බිල්ලට දෙයි ?




දැයට කිරුළ වැඩසටහනකට  යන බව පවසමින් රාජකාරි නිවාඩු අනුමත කර ගනිමින් නව උපාධිධාරී පත්වීම් ලැබූවන් හා සමෘද්ධිලාභී නව පත්වීම් ලැබූ 85 දෙනෙකු ජොහාන් ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වී සිටියදී 2013/08/27 දින පෙරවරුවේ මැතිවරණ දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ එම රැස්වීම අවලංගු කර ඇත.

බස් රථ දෙකකින් මෙම පිරිස පැමිණ ඇති අතර එම රැස්වීම මුලින් සංවිධානය කර තිබුණේ නිකවැරටිය බුද්ධිමා හෝටලයේය.එම ස්ථානයට මැතිවරණ නිළධාරීන් පැමිණෙන බව පොලිස් ඔත්තු සේවය මගින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ප්‍රධානියාට තොරතුරු ලැබී ඇත.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පිරිස බස්රථ දෙකක් ගෙන්වා උපාධිධාරී නව පත්වීම් ලාභීන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට රැගෙන ගොස් ඇත.

එම ස්ථානය පිළිබඳව තොරතුරු සොයා ගත් මැතිවරණ නිළධාරීන් එම ස්ථානයට ගොස් ප්‍රචාරක ශබ්දවිකාශන යන්ත්‍ර ගලවා,මයික්‍රෆෝන ඉවත්කර පිරිසට කරුණු පැහැදිළි කර දී ඇත.