පයාගල පොලිසිය "විලා හවුස්" ශුද්ද කිරීමේ නරුම මෙහෙයුමක.





හර්ෂි සි. පෙරේරා

කලමුල්ල ග්‍රේස් කුමරි ළමා නිවාසයේ වැඩිවිය පැමිණි ළමුන් රදවා තබන්නේ විලා හවුස් හිදීය. දැන් එහි අලුත් තත්වයක් නිර්මාණය වෙමින් තිබේ. ඒ පයාගල පොලිසිය මැදිහත්ව එහි ළමුන්ව පලවා හැරීමට දරන උත්සහයයි. මෙහි අරම්බක පියවර ලෙස අවුරුදු 18 ට වැඩි තරුණයින් සිවු දෙනෙකු අත්අඩංගුවට ගෙන අදිකරනයටද ඉදිරිපත් කර ඉන්පසුව නැවත අදිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මුදා හැර තිබේ.  ජූඩ් චතුර, ජනිත් පොල්, අජිත් කුමාර සහ අරුණ කුමාර යන එම තරුණයින් සිවුදෙනා මේ පිලිබදව 2013.08.07 දින මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ලිකිතව පැමිණිලි කරන ලදී. එම ලිකිත පැමිණිල්ලට සහ චායාරුප වලට පහතින් යොමු වන්න. 




01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ 

ලිඛිත පැමිණිල්ල

01. කන්ද දුරගේ ජූඞ් චතුර (අවු: 21*.
02. මොහොමඞ් මොහිදීන් ජනිත් පොල් (අවු: 19*
03. අජිත් කුමාර ද සිල්වා(අවු: 21*
04. මග්ගොනගේ අරුණ කුමාර (අවු: 21*

ලිපිනය : විලාහවුස්, ග්‍රේස් කුමාර ළමා නිවාසය, කලමුල්ල, ක`ඵතර.
2013.08.07  දිනදීය.

අප උපන්දා සිටම ගේ‍්‍රස් කුමරි ළමා නිවාසයේ හැදී වැඩුනු අතර, 2012 අගොස්තු මස සිට විලාහවුස් හී පිදංචියට ගියෙමු. එය විදේශ ආධාර ඇතිව අප වෙනුවෙන්ම ඉදි කරන ලද්දකි. අප සිය`ඵ දෙනා ඉපදුන දවසේ සිටම දෙමාපියන්ගෙන් වෙන්කොට, කතෝලික සභාවෙන් පාලනය වන මෙම නිවාසයේ හැදී වැඩුණි. 

අප සිය`ඵ දෙනාම කතෝලික භක්තිකයින් වශයෙන් කල් ගෙවනු ලබයි. අප පාසල් ගියේද මෙම ළමා නිවාසයේ සිටය.

අපි 18ට වැඩිවූ පසුව, මෙම විලා හවුස් වෙත පදිංචි කරවන ලදි. 

මෙම ළමා නිවාසයේ මීට පෙර සිටි සිය`ඵ දෙනාම තමන් ස්ථාවර පදිංචි ස්ථානයක් සොයාගෙන යන තෙක් වයස් ප‍්‍රශ්ණයකින් තොරව සිටි බව ප‍්‍රකාශ කරමු.

මෙම විලාහවුස් නිවස අප වෙනුවෙන්ම වෙන්කර තිබුණු අතර, වසර 10ක පමණ කාලයකට වැඩි කාලයක සිට ළමා නිවාසයේ හැදී වැඞී වයස අවුරුදු 16,17 වන විට මාරුකර පදිංචි කරවන ස්ථානයයි.

මෙම ස්ථානය අප ස්වාධීනව පිටව යනතෙක් අපට පදිංචිව සිටිය හැකි බවට අප තුල විශ්වාසය ගොඩ නගා තිබේ.

එසේ තිබියදීත් 2013.06.27 දින, සවස 4.00ට පමණ, පයාගල පොලිසියේ ජීප් රථ 2ක් පැමිණ, එම අවස්ථාවේ සිටි අප සිය`ඵ දෙනා අත්අඩංගුවට ගෙන, පොලිසියට ගෙන යන ලදි.

අපව පොලිසියට ගෙන ගියේ කටඋත්තරයක් ගන්නා බවට ප‍්‍රකාශ කරය. අප සිව් දෙනාම පොලිස් කූඩුවට දමන ලදි.

පසුදින උදේ (28දා* අප සිව් දෙනාගේ ප‍්‍රකාශ සටහන් කරගන්නා ලදි. එහිදී පොලිසිය අපගෙන් ඇසුවේ ලෙස්ටර් විජේසූරිය පියතුමාට බැන්නාද, ගැහුවාද, ඔහුගේ වාහනයට අලාභ හානි සිදුකලාද යන්නය. අප එ් පිළිබඳ නොදන්නා බව ප‍්‍රකාශ කලා. එහිදී අප කියා සිටියේ අප ඔහුට බැණ තර්ජණය කිරීමක් හෝ පහරදීමක් සිදු නොකල බවත්, අපගේ කපා හරින ලද විදුලිය අපට ලබාදෙන ලෙසටයි.

එදින (28 දින* සවස 2.00ට පමණ අපව ක`ඵතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ගෙන ගියා. එහිදී මහේස්ත‍්‍රාත්තුමාට පොලිසිය ප‍්‍රකාශ කළේ අප බලහත්කාරයෙන් විලා හවුස් හී සිටින බවයි. තවද පොලිසිය ප‍්‍රකාශ කලා අපට නිවාස 2ක් ලබාදී තිබෙනවා කියා. අප එසේ නිවාස අපට ලබා නොදුන් බවත්, අප විලාහවුස්හී බලහත්කාරයෙන් පදිංචි වී නොසිටින බවත් ප‍්‍රකාශ කලා.

එයින් පසු අප සිය`ඵ දෙනාට 2013.08.06 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වා මුද හැරියා.

2013.08.03 සෙනසුරාදා, සවස 3.00 පමණ, පයාගල පොලිසියේ නිලධාරීන් 5කු පමණ, ග්‍රේස් කුමරි ළමා නිවාසයේ ගැහැණූ ළමුන් නේවාසිකව සිටි පැරණි ගොඩනැගිල්ල පරීක්ෂා කලා. එයින් පසු අපගෙන් ඇසුවා මෙම ගොඩනැගිල්ලට අලාභ හානි කර තිබෙන්නේ කවුරුන්ද කියා. අප ඔවුන්ට පැහැදිළි කලා මෙම ගොඩනැගිල්ලට කිසිම ආරක්ෂාවක් නැති බවත්, අසල්වැසියන් විසින් හානිකර ඇති බවත්, එ් ගැන අපට වගකීමක් නැති බවත්. 

එයින් පසු පොලිසිය අපට දැනුම් දුන්නා - 2013.08.04 ඉරිදා උදේ 9.00 පොලිසියට පැමිණෙන ලෙසට. එ් අනුව අප 15කු පොලිසියට ගොස් ප‍්‍රකාශ ලබා දුන්නා. එ් අවස්ථාවේදීත් අපගෙන් ඇසුවේ පැරණි ගැහැණූ ළමයින්ගේ නිවසට අලාභ හානි කලේ කවුද කියලයි. පොලිසිය මොනවද සටහන් කොට අපට අත්සන් කරන්න කිව්වා. මොනවා ලිව්වාදැයි අපි දන්නේ නැහැ. කියවා තේරුම් කර දුන්නේද නැහැ. මේ දක්වාම අප 4 දෙනාට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන චෝදනාව කුමක්ද කියාවත් අප දන්නේ නැහැ. 

අප ඉල්ලා සිටින්නේ, පයාගල පොලිසිය - ලෙස්ටර් විජේසූරිය පියතුමා සමග එක්ව බොරු චෝදනා නගා අපට හිමි විලා හවුස් වෙතින් නෙරපා දැමීමට උත්සාහ දරන බැවින්, එම උත්සාහය වලක්වාලන ලෙසටත්, පොලිසිය නීති විරෝධීව කටයුතු කිරීම සම්බන්ධයෙන්, එම අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසටත්ය.


..........................................
01. කන්ද දුරගේ ජූඞ් චතුර 

...........................................
02. මොහොමඞ් මොහිදීන් ජනිත් පොල් (අවු: 19*

...........................................
03. අජිත් කුමාර ද සිල්වා(අවු: 21*

...........................................
04. මග්ගොනගේ අරුණ කුමාර (අවු: 21*