ජීවිතය පිරී ගිය මොහොතක්‌.





තුෂාරී කළුබෝවිල

මළ හිරු බැස යන එක්‌තරා හැන්දෑවක කාර්යාලයෙන් නික්‌ම මන්නාරම බලා පිටත් වූ පෞද්ගලික වෑන් රථයකට මා ගොඩ වූයේ කැනඩාවේ මැක්‌ මාස්‌ටර් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති ගජිත් ජිනදාස මහතාගේ ඇරයුමක්‌ නිසාය.

මේ ගමන පිටත්වූයේ කැනඩාවේ මැක්‌ මාස්‌ටර් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා සංගමය විසින් එක්‌ රැස්‌ කළ මුදලින් මිලදී ගත් පොත්ල පෑන්ල පැන්සල්ල පාට පෙට්‌ටිල බෑග්ල පැන්සල් පෙට්‌ටිල කෑම පෙට්‌ටිල වතුර බෝතල් ඇතුළු පාසල් උපකරණ කට්‌ටලයක්‌ දල සහන මිලකට මිලදී ගත් පාසල් සපත්තු ද ටීෂර්ට්‌ සහිත තෑගි මලු දෙසීයක්‌ පමණ මන්නාරම මඩු ප්‍රදේශයේ වසර තිහක යුද්ධයෙන් පීඩාවට පත් දුෂ්කර පාසල් දෙකක්‌ වන පෙරියපුංචිකුලම් දෙමළ මහා විද්‍යාලයේ සහ පෙරිය මුරික්‌කු දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් වෙත පිරිනැමීම උදෙසායග මෙවැනි පිරිනැමීම් මීට පෙර ද අපි ඕනෑ තරම් දැක ඇත්තෙමුග එහි ඇති විශේෂත්වයක්‌ නැතග එබැවින් කාලය නාස්‌ති කරමින් මෙවැනි ගමනක්‌ යැමේ වටිනාකමක්‌ ඇත්නම් ඒ තෑගි පිරිනමන පිරිසට සහ තෑගි ලබන පාසල් දරුවන්ට පමණිග කෙසේ නමුත් නින්දත් නොනින්දත් අතර පැය ගණනක විඩාබර ගමනක කෙළවර අපි මන්නාරමට ළඟා වුණෙමුග පසු දින උදෑසනම ගජිත් ඇතුළු පිරිස සමග අපිද දෙමළ විද්‍යාල දෙකට ගියෙමුග ඒ ගමනද මන්නාරමේ සිට පැය කිහිපයක ඇති දුෂ්කර ගමනකි.

දුර සිටම අප දුටු දරුවන් මහත් උද්දාමයකින් අත්පොළසන් දෙන්නට වියග නළලත පොට්‌ටු තැබූ ගුරුවරියන් කිහිප දෙනකුද තවත් වැඩිහිටි පිරිමි ගුරුවරුන් ඇතුළු පිරිසක්‌ද දරුවන් අතර සිටින අයුරු දුටිමුග කහ ගැහුණු සුදු ගවුම්වල සුදු මතු කරන්නට ඒ දරුවන්ගේ මවුවරුන් මහත් උත්සාහයක්‌ දරා තිබූ බව ඔවුන්ට වඩ වඩාත් ළං වෙද්දී අපට පැහැදිලිව දැකගන්නට ලැබුණේ පාසල් නිල ඇඳුම් නිල් පැහැයෙන් බැබලුණු බැවිනිග නළලට බේරෙන තරම් තෙල් ගැල්වූ හිස කෙස්‌ සීරුවට පිරිමැද සුළඟේ ළෙලදෙන්නට නොහැකි වන පරිදි සකසා තිබිණිග එක පාටින් කොණ්‌ඩා පටි බැඳ දිගු කෙහෙරැළි එකතු කර ගොතා තිබුණු අයුරු ද දරුවන් බොහෝ දෙනකුගෙන් දුටිමුග දණහිසටත් අඟල් කිහිපයක්‌ ඉහළට කොට වුණු නිල් පැහැති කොට කලිසමට නිල් තැවරූ සුදු කමිස ඇඳගත් පිරිමි දරුවන්ද බොහෝ දෙනකු අප දෙස ඇස්‌ විදහා බලා සිටිනු දැකගත හැකි වියග ගිනියම් වූ බොරළු කැටවලට තෙරපුණු පතුල් ගෙවුණු රබර් සෙරෙප්පු දූවිල්ලෙන් මඩ පැහැගැන්වී තිබූ අතර ඉඳහිට දරුවකුගේ දෙපාවල දූවිල්ලෙන් අවපැහැ ගැන්වුණු සපත්තු ද නොතිබුණාම නොවේග ඇතැම් දරුවන්ගේ සපත්තුවල ඉදිරිපස පුපුරා ඇඟිලි එළියට ද මතුවී තිබිණිග වැඩිදෙනකුගේ දෙපා රබර් සෙරෙප්පු කුට්‌ටමක්‌වත් නැතිව නිරුවත්වල දුහුවිල්ලෙන් නැහැවී තිබිණි.

එහෙත් මේ දරුවන් මෙසේ ගත කරමින් සිටින්නේ ඔවුන්ගේ ජීවිතයේ ප්‍රීතිමත්ම යුගය බව ඔවුන් සමග කතා බහ කිිරීමේදී අපට දැනගන්නට ලැබිණිග ඔවුන්ගේ ජීවන අත්දැකීම් ඒ අයුරින්ම අපට දැනගන්නට භාෂා ප්‍රශ්නය හරස්‌ වුවත් කිහිප දෙනකුගේ සහාය ඇතිව අපි එම දරුවන් සමග කතා බහ කළෙමු.

..මම හතරේ පන්තියේ ඉගෙන ගන්නේග ඉස්‌සර යුද්ධය තියෙන දවස්‌වල අපි රෑට කැලේ තමයි ඉන්නේග අම්මයිල අප්පයි කරුවල වැටෙද්දී නංගිවයිල අක්‌කාවයිල අයියයි මාත් එක්‌ක කැලේට යනවාග නංගි හැමදාම කැලේදී අඬනවාග අම්මා නංගීගේ කට අතින් තද කරලා වහනවාග එතකොට නංගි හයියෙන් අඬනවාග දැන් අපි රෑටත් ගෙදර ඉන්නවාග කැලේ යන්නේ නැහැග කැලේදී පාඩම් කරන්නත් බැහැ.

අපට එසේ පැවසුවේ අයේෂා කන්දසාමි දියණියයිග අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන කමල දාස්‌ පිච්චයප්පා ද අපට ඔහුගේ අත්දැකීම් කීවේය.

ඉස්‌සර කැලේ ඉන්න දවස්‌වල රෑට ගහක අත්තක්‌ කඩා වැටුණත් අපි බයේ ගැහුනාග පොතක්‌ පාඩම් කරගන්න විදියක්‌ නැහැග මහ රෑට වැස්‌සට පොත් තෙමෙනවාග මම ඉගෙන ගන්න ආසයිග ඉස්‌කෝලේ යන්නත් හරිම කැමතියිග ඉස්‌කෝලෙදි දෙන ගෙදර වැඩ ඒකාලේ ගොඩාක්‌ දවස්‌වලට කරගෙන යන්න බැරි වෙනවාග දැන්නම් අපි හරිම සතුටින් තමයි ඉස්‌කෝලෙ යන්නේග අප්පා යුද්ධ කාලේ එක දවසක්‌ රෑ කාත් එක්‌කද මන්දා කොහේටද යනවා කියලා ගෙදරින් එළියට බැහැලා ගියාග අම්මා යන්න එපා කියලා ඇඬුවා ඉක්‌මනට එන්නම් කියලා ගියාග ඒත් ඊට පස්‌සේ කවදාවත් මම අපේ අප්පාව දැක්‌කේ නැහැග අම්මා එළවලු වවලා ඒවා විකුණලා තමයි සල්ලි හොයාගන්නේග මමත් එළවලු වගාවට වතුර දානවාග එළවලු කඩන්නල ඒවා විකුණන්න අම්මාට උදව් කරනවාග ඉස්‌කෝලේ අඩුපාඩුවකට වුණත් අම්මාගෙන් සල්ලි ඉල්ලන්න දුකයිග මොකද අම්මා සල්ලි හොයන්න දුක්‌ විඳින හැටි මම දන්නවානේග අනේ ආයෙ නම් යුද්ධයක්‌ එන්න එපාග.. කමලදාස්‌ කීවේය.

මේ ළමයි ගොඩාක්‌ දක්‍ෂයිග ඉගෙනීමටත් උනන්දුයිග ඒත් මේ ළමයි වැඩිදෙනෙක්‌ හරිම දුප්පත් පවුල්වල අයයිග සමහර අයගේ තාත්තලා යුද්දෙදි නැතිවෙලාග සමහර තාත්තලා ආබාධිතයිග අම්මලා සල්ලි හොයන්න ගොඩාක්‌ දුක්‌ විඳිනවාග අපිත් ගොඩාක්‌ උනන්දුවෙන් මේ දරුවන් වෙනුවෙන් වැඩ කරනවා.

නමුත් මේ පාසල්වල අඩුපාඩු ගොඩාක්‌ තියෙනවාග පොත් පත්ල ඩෙස්‌ පුටුල ගොඩනැඟිලි තව ගොඩාක්‌ දේ නැහැග රජයෙන් මේ ගැන හොයලා බලලා අඩුපාඩු හදලා දෙනවා නම් මෙහේ දරුවන්ගේ උනන්දුවයිල ගුරුවරුන්ගේ කැපවීමයි නිසා දරුවන්ගේ දියුණුව ගොඩනගන්න පුළුවන් වෙනවා යෑයි අපට කීවේ පාසල් ගුරුවරුයක වූ මල්ලිකා මහත්මියයි.

මේ කතා බහ අතරතුර පුංචි උත්සවයක්‌ සංවිධානය වෙමින් කැනඩාවේ මැක්‌ මාස්‌ටර් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා සංගමයේ තෑගි මලු දරුවන් අතර බෙදා දෙන්නට වියග ඒ අතර එම සංගමයේ සභාපති ගජිත් ජිනදාස පුංචි උළෙල අමතමින් පැවසූ යමක්‌ මම උපුටා දක්‌වන්නෙමි.

..අපේ විශ්වවිද්‍යාලයේ විවිධ රටවලින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් උපාධි හදාරණවාග ශ්‍රී ලංකාවේ සිංහල ළමයි වගේම දෙමළ ළමයිනුත් බොහෝ දෙනෙක්‌ එහේ ඉගෙන ගන්නවාග නමුත් කිසිම අවස්‌ථාවකදීවත් දෙමළ ළමයි සිංහල ළමයි එක්‌ක එකමුතුවෙලා සහයෝගයෙන් කිසි දෙයක්‌ කරන්න කැමැති නැහැග යුද්ධය තිබුණේත් කොටි ත්‍රස්‌තවාදීන් සිටියේත් ශ්‍රී ලංකාවේයිග ශ්‍රී ලංකාව ඇස්‌ දෙකට දැකලා නැති එහේ ඉන්න ශ්‍රී ලාංකික දෙමළ පවුල්වල දරුවෝ සිංහල ළමයි එක්‌ක පුදුම වෛරයකින් තමයි ඉන්නේග අපි ශ්‍රී ලංකා සංගමය හැටියට ඒ බෙදීම දුරස්‌ කරලා දෙගොල්ලෝ එකතුවෙලා වැඩ කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවාග මීට පෙර කිසිම දවසක එකට එකතු නොවුණු ශ්‍රී ලංකා දෙමළ ශිෂ්‍ය සංවිධානයත් මගේ සභාපතිත්වයෙන් යුතු දෙමළල සිංහලල මුස්‌ලිම්ල බර්ගර් සෑම ළමයෙක්‌ම නියෝජනය වන ශ්‍රී ලංකා සංගමයත් එකතුවෙලා හරි ලස්‌සන සංස්‌කෘතික උළෙලක්‌ අපි පැවැත්වූවාග අපි මේ අවස්‌ථවේදීත් ශ්‍රී ලංකාවේ දුෂ්කර දෙමළ පාසල් දෙකක්‌ තෝරා ගත්තෙත් ඒ සහයෝගය ඉස්‌මතු කිරීම සඳහායිග.. යනුවෙන් කීවේයග ඒ කතාවේ සංක්‍ෂිප්තය දෙමළ හා ඉංග්‍රීසි බසින්ද ඉදිරිපත් කෙරිණි.

එය දෙමළ බසින් කීවේ හිටපු මුහුදු කොටි කාන්තා මේජර් කෙනකු වූ වසන්ති නමැත්තියයිග ඇය මේ වන විට පුනරුත්ථාපනය වී යහපත් ජීවිතයක්‌ ගත කරන්නීයග ඇය විශේෂ ස්‌තුයක්‌ කරමින් ගජිත් ඇතුළු පිරිසට පැවසුවේ මෙසේය.

..කිසිම දේශපාලන හේතුවක්‌වත්ල දැන හැඳුනුම්කමක්‌වත්ල නෑදැකමක්‌වත් නැතුව සිංහල ඔබ ඇතුළු කණ්‌ඩායම දෙමළ දුප්පත් ළමයි ටිකක්‌ හොයාගෙන ඇවිත් මේ විදියට උදව් උපකාර කිරීම ගැන අපි ගොඩාක්‌ ස්‌තූති වන්ත වෙනවාග සිංහල ඔයාලාගේ ගුණ යහපත්කම් ගැන දැන් අපට හොඳින් දැනෙනවා.. යි කීවාය.

අඩුපාඩු දුෂ්කරතා රැසක්‌ මධ්‍යයේ අකුරු කරන මේ දරුවන්ට නම් වැදගත් වූයේ මේ කතාව නොව ඔවුන් අතට පත්වූ තෑගි මල්ලේ අඩංගු දේ බව අපි දුටිමුග එම තෑගි ලද දරුවන් බොහෝ දෙනකු සිය දැඟිලි තුඩුවලින් තෑගි මල්ල මිරිකමින් එහා මෙහා හරවමින් අතගාමින් සිටි අතර වැඩි වේලාවක්‌ යන්නට මත්තෙන් එහි වූ සපත්තුල පොත්ල පැන්සල් එකින් එක මල්ලෙන් එළියට එන අයුරු අපි ඉතා සංවේදී දැසින් යුතුව බලා සිටියෙමුග වසර තිහක්‌ උතුරු නැගෙනහිර දරුවන්ට ත්‍රස්‌තවාදීන් විසින් අහිමි කළ ළමා ලෝකය අද ඔවුන්ට උරුමවී ඇති සැටි අපි බලා උන්නෙමුග යළිත් කිසි දිනක කිසිවෙකුත් එය උදුරා නොගනිත්වායි අපි ප්‍රාර්ථනා කරමු.