බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර නැමති හරකා අනින්ට පනී



අමිල ගුණරත්න 

රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි එහෙම නැත්තම්  ගුටි කන්න තමයි වෙන්නේ යැයි බස්නාහිර පළාත් ඇමැති උපාලි කොඩිකාර නමැති මී හරකා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේදී පැවති ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අමතමින්  පැවසීය. වැඩි දුරටත් කතා කල මේ ගොන් තඩියා " ටයි පටියක් දාගෙන හිටියට කමක් නෑ  මෙතැන  වැඩ කෙරෙන්න ඕනෑ මට ඕනෑ විදිහට.එහෙම නැත්තම්  ගුටි කන්න තමයි වෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙවෙයි  මොකේ වැඩ කළත්  රජයේ නිලධාරීන් වැඩකරන්න ඕනෑ දේශපාලකයින්ට ඕනෑ විදියටයි. "  පැවසිය.  

 උපාලි කොඩිකාර නමැති මී හරකාගේ මෙම ප්‍රකාශයට විරෝධය දක්වා එලියට බැසීමට මහරගම ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ එක නිලධාරියෙකුටවත්  කොන්දක් නොතිබීම ගැන අප සියලුදෙනා කණගාටු විය යුතුය. එසේම මෙවැනි මී හරක්  ප්‍රාදේශීය දේශපාලකයන් ලෙස  පත් කරගත් චන්දායක  ගවයන්ද මේවාට වග කිව යුතුය.