සනොඩන්ට වසරක් රුසියාවේ සිටීමට ඉඩ ලැබේ.



හර්ෂි සි. පෙරේරා 

එඩ්වඩ් ස්නොඩන් ගුවන්තොටුපලෙන් නික්ම රුසියාවේ හෙළිනොකළ ප්‍රදේශයකට යයි. ඔහුට රුසියාවේ තාවකාලික දේශපාලන රැකවරණය හිමිව තිබේ. ඔහු ගිය තැන හෙළිදරවු නොකරන්නේ ඔහු ලෝකයට වැඩියෙන්ම අවශ්‍ය වූ පුද්ගලයකු බැවිනි. ස්නොඩන් ඇමෙරිකාවේ හිටපු සි අයි ඒ සේවකයකු මෙන්ම ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්රත්කරුවකුද විය. ඔහු ආරක්ෂක තොරතුරු හෙලිකල ඔත්තුකරුවකු වීම නිසා අමෙරිකාවෙන් පිටවීමට හේතුවිය. ඔහු විවිද බලපෑම් මත හොන්කොන් වෙතින් පිටත්ව ජුනි 23 මොස්කවූ වෙත පැමිණියේය. එහිදී ඔහුට යම් රටකින් දේශපාලන රැකවරණය ලැබෙන තුරු ශමිටයෝ ගුවන්තොටුපලේ රැදී සිටීමට සිදු විය. ඒ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ඇමෙරිකාව අහෝසි කිරීම නිසාය. එමනිසා ස්නොඩන්ට රුසියාවෙන් පිටවීමටත් එයට ඇතුළුවීමටත් නොහැකි වු අතර ඔහුට ගුවන්තොටුපල හුවමාරු පර්යන්තයේ රැදී සිටීමට සිදුවිණි. ඔහුට  මෙම වසරක රුසියාවේ දේශපාලන රැකවරණය ලැබීමත් සමග අලුතින් ජීවිතය ගොඩනගාගැනීමට බලාපොරොත්තු වේ.