"ඇප ලබා දුන්නොත් දෙමළ සිංහල කොලහාලයක් ඇතිවෙනවා "! - බදුරලිය පොලිසිය.



හර්ෂි සි. පෙරේරා 

කේ සෝමචන්ද්‍ර 50 හැවිරිදි විවාහක තිදරු පියෙකි. රැකියාව වෙලදාමය. අස්කෙලිය හන්දිය ,මොල්කාවේ පදිංචිව සිටි. 2013.07.25 දින අස්කෙලිය දෙමළ විද්‍යාලය අසල දෙපිරිසක් අතර පුද්ගලික ප්‍රශ්ණයකට ආරවුලක් ඇතිව තිබේ ඒ අවස්ථාවේ සෝමචන්ද්‍ර ඒ අසලවත් සිටියේ නැත. නමුත් බදුරලිය පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනී .අමානුෂික ලෙස පහර දෙයි. රක්ෂිත බන්දනාගාර ගත කරයි. මෙහිලා ප්‍රමුකත්වය ගන්නේ බදුරලිය පොලිසියේ ස්ථානාදිපති උදය කුමාර ඇතුළු නිලදාරින්ය. 2013.08.01 දින සෝමචන්ද්‍ර තමාට සිදුවූ අසාදාරනය ගැන ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය. ඔහුගේ චයාරුපය සහ ලිකිත පැමිණිල්ල මෙහි පලකෙරේ.

 01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසිපාර,
    කොළඹ 08.

02. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.

03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
     ජේ්‍ය.පො.අ.කාර්යාලය,
     ක`ඵතර.

ලිඛිත පැමිණිල්ල

කුරුඳුකාරගේ සෝමචන්ද්‍ර, අවු: 50යි, ජා.හැ.අ.621584650ඪ, විවාහක, දරුවන් තුන්දෙනයි, රැුකියාව : වෙළඳාම. 
ලිපිනය : අස්කෙළිය හංදිය, මෝල්කාව
2013.08.01 දිනදීය.

2013.07.25 වන දින, අස්කෙළිය දෙමළ විද්‍යාලය අසල දෙපිරිසික් අතර, පුද්ගලික ප‍්‍රශ්ණයකට ආරවුලක් ඇතිව තිබේ. එවිට රාත‍්‍රී 9.30ට පමණ ඇත. 

එහිදී සු`ඵ තුවාල ලැබූ ඉසුරු (අවු:20යි* අප නිවසට පැමිණ ඇත. එ් අවස්ථාවේ නිවසේ සිටිය මාගේ පුතෙකු වන තරිඳු, තවත් අයෙක් සමග ඔහුව බදුරලිය රජයේ රෝහලට ගෙන ගොස් තිබුනා.

මේ අවස්ථාවේ, මා සිටියේ කිලෝමීටර් 1 1/2ක් පමණ ඈතින් පිහිටි, සුදුවැලිමානාන ප‍්‍රදේශයේ පිහිටි මාගේ නිවසේය.

එම ස්ථානයට පැමිණි මාගේ ලොකු පුතා, කොල්ලො ඉසුරුට ගහලා, ඔන්න ඉස්පිරිතාගේ අරන් ගියා කියා කිව්වා. එ් අනුව මා රාත‍්‍රී 10.30ට පමණ, අස්ක්වැලියේ නිවසට පැමිණියා.

එසේ පැමිණි පසුව, නිවසේ අය මට කිව්වා, බදුරිලිය පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර, නිවසට පැමිණ විනාඩි 15ක් පමණ අසභ්‍ය වචන කියමින් බැණ බැණ ඉඳ ගිය බව.

එ් වන විට, අස්ක්කෙළිය හංදියේ පොලිස් නිලධාරීන් 04කු හිටියා. මම එතැනට ගියා. එතන රථවාහන අංශයේ පො.කො.සමන්, ග‍්‍රාමආරක්ෂක නිශාන්ත සහ තවත් දෙන්නෙක් හිටියා.

මම ඔවුන්ගෙන් ඇහුව්වා - ඇයි අපේ ගෙදරට ගිහිල්ලා කුණු හරප කියමින් බැන්නේ කියා. මම ඇහුව්වා කෝ  ඕ.අයි.සී මහත්තයා කියා. ඔවුන්  ඕ.අයි.සී. උදය කුමාරට දුරකථනයෙන් කතාකර, මෙන්න දෙක- පහ ඇවිල්ලා ඉන්නවා කිව්වා.

මම ගෙදරට ගියා. ගෙදර ඉන්න විට,  ඕ.අයි.සී උයද කුමාර ජීප් රථයෙන් පැමිණ, ඉන් බැස, දෙක පහ මෙහෙ වරෙන් කියා නිවස තුලට පැමිණ, එක පාරටම මගේ කමිසයෙන් ඇද අල්ලා, මාව එළියට ඇදගෙන ගොස්, ඔලූව පහත් කොට පිටට ගැහැව්වා. එ් සමග දණ හිසෙන් මගේ යටි බඩට ගැහැව්වා. එ් අතර, එතැනට  පැමිණි රථ වාහන අංශයේ පො.කො.සමන්, ග‍්‍රාමආරක්ෂක නිශාන්තද මට අතින් පහර දුන්නා.

ඔවුන් වැඩියෙන්ම ගැහුව්වේ ඔලූව පහත් කරලා පිටට. පහර දීමෙන් පසුව මාව ඇදගෙන ගොස් ජීප් රථයට දැම්මා. ඊලඟට අස්ක්වැලිය මඩසාමි කෝවිළ ළඟ ජීප් එක නවත්වා, ජීප් එකේ හිටිය පොලිස් නිලධාරීන්ට කිව්වා, ලයිමට ගිහිල්ලා පෙරියාවත් අරගෙන එන්න කියා. ඔවුන් ගොස් පෙරියව අරගෙන ආවා.

ඉන් පසු පොලිසියට ගෙන ගියා. කූඩුවට දැම්මා. පහුවදා දවල් 2.00ට පමණ මාවත්, පෙරියාවත්, කූඩුවේ හිටපු තවත් අයෙක්වත්, බදුරලිය රජයේ රෝහලට ගෙන ගියා.

මාව වෛද්‍යවරිය ලඟට ඉදිරිපත් කලවිට, මා කිව්වා මට පොලිසියෙන් පහරදුන්න බව. වෛද්‍යවරියා කිව්වා තුවාල නැති නිසා ලියන්න බැහැ කියා. මට තැලූම් තියෙනවා කිව්වා. නමුත් පරික්ෂා කළේ නැහැ. පොලිසිය දීපු පෝරමය පුරවා ඔවුන් අතටම දුන්නා.

ඊට පසුව මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ආවා. මහේස්ත‍්‍රාත් අධිකරණයේදී, ස්ථානාධිපති උයද කුමාර ගරු මහේස්ත‍්‍රාත්තුමියට ප‍්‍රකාශ කලා මම, පෙරියා, දිනේශ සහ තවත් අයෙකු ඇතුලූ පිරිසක් කඩුවක් අරන් එනකොට - අත්අඩංගුවට ගත්තා කියා. නමුත් කඩුව ඉදිරිපත් කළේ නැහැ. ස්ථානාධිපති කිව්වා, ඇප ලබා දුන්නොත් දෙමළ - සිංහල කෝලහලයක් ඇතිවෙයි කියලා. මාවද 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කලා. බන්ධනාගාරයේදී මට ගහපු බව ප‍්‍රකාශ කලා. එය ලියා ගත්තා. 2013.07.30 ඇප ලබා දුන්නා. දින 04ක් රක්ෂිත බන්ධනාගාර ගත කලා. 

මා ඉල්ලා සිටින්නේ,

කිසිදු ආරවුලකට සම්බන්ධ නැති මාව නීති විරෝධීව අත්අඩංගුවට ගෙන, වධහිංසාවට පත්කර, බොරු නඩුවක් දමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන්, බදුරිලිය පොලිසියේ ස්ථානාධිපති උයද කුමාර, පො.කො.සමන් , ග‍්‍රාම ආරක්ෂක නිශාන්ත යන අයට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසටයි.


කේ. සෝමචන්ද්‍ර