මාතලේ සමූහ මිනී වළ අවදි නොවූ හෘද සාක්‍ෂිය



2012.11.06 වැනි දින මාතලේ රෝහල් භූමියෙන් අහඹු ලෙස හමු වූ මාතලේ සමූහ මිනී වළ පිළිබ`ද කතාවේ එක්‌ පරිච්ඡේදයක්‌ නිමවී තිබේ. ඒ අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබ`ද පශ්චාත් උපාධි ආයතනය විසින් කරන ලද කැණීම් වලින් අනතුරුව, මහාචාර්ය රා- සෝමදේව හා අධිකරණ වෛද්‍ය විශේෂඥ අර්ත් ජයසේන යන මහත්වරුන් විසින් අධිකරණයට දෙන ලද වාර්තාවත් සම`ගය. එහි දී ඔවුන් සමූහ මිනී වළේ ඉතිහාසය 1987-1990 අතර කාල පරාසය ලෙස නිර්ණය කර තිබුණ එම වාර්තාවේ රා- සෝමදේව මහතා විසින් මෙසේ ප්‍රකාශ කොට තිබිණි.

"මෙම මිනී තැන්පත් කිරීම අවිධිමත්, එනිසා බැලු බැල්මට පෙනුණා, එය අසාමාන්‍ය තත්ත්වයක්‌ කියලා. ඒක ඉතා වැදගත්, මෙතන චාරිත්‍රයකට, සම්මතයකට, ගෞරවයක්‌ පෙරදැරිව ආදාහනයක්‌ සිදු නොවුණ බව කිව හැකියි." 

මෙලෙස මෙම වාර්තාව අධිකරණයට නිකුත් කිරීමත් සම`ගම එතෙක්‌ ඇල්මැරුණු ජන සංවේදීතාවක්‌ මත ජනමාධ්‍ය තුළ දිග ඇරුණු වසූරිය, නායයැම, 1818 කැරැල්ල, වැනි කයි කතාන්දරවලට තිත තැබිණි. සමාජයට එහි මිනිසුනට යුක්‌තිය සාධාරණත්වය ලබා දීම ස`දහා පිහිටුවනු ලැබූ පොලිසිය විසින් අධිකරණයෙන් මිනී වළ වැසීමට පවා කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවන්ට ද තිත වැටී අතුරුදන් වූවන්ගේ නඩුව මෙහෙයවීමේ වගකීමද පොලිසියට භාර විණි.

එතැන් සිට මේ දක්‌වා සිදුවූවේ කුමක්‌ ද? සිදුවෙමින් යන්නේ කුමක්‌ ද? යන්න පිළිබ`දව සමාලෝචනයක්‌ කිරීමට පමණක්‌ නොව මානුෂික බැඳීම් ද්‍රව්‍ය බවට ඌනනය වූ සමාජයක අවදි නොවූ හෘද සාක්‍ෂිය පිළිබ`දව විමසීමද මෙම ලිපියේ අරමුණ විය.

ජනාධිපතිවරයා මේ සමූහ මිනී වළ පිළිබ`දව සෙවීමට ජනාධිපති කොමිසමක්‌ පත්කරන්නට බලාපොරොත්තු වන බව ජනමාධ්‍ය වාර්තා කළ අතර මේ මොහොත වන විට ජනාධිපති කොමිසම පත්කර තිබෙන බවට කරුණු අනාවරණය වී තිබේ. නමුත් එහි වැඩ කටයුතු පටන්ගත්තාද යන්න පිළිබ`දව නම් මේ මෙහොත වනවිටත් දැනගන්නට ලැබී නැත. මේ අතර මාතලේ පොලිසිය විසින් මෙහෙයවනු ලබන අතුරුදන් වූවන් සම්බන්ධ නඩුව මාතලේ අධිකරණයේ දී මේ දක්‌වා දින තුනක්‌ කැඳවා තිබේ. තමන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කරවූ පියා - සොහොයුරා - පුතා - ඥාතියා වෙනුවෙන් සාධාරණය පතා මාතලේ අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ 37 දෙනෙකු පමණි. ඒ ජනතා විමුක්‌කි පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂවල ම`ගපෙන්වීම මතය.

1987 - 1990 කාලය තුළ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවාගනු ලැබූ සංවිධානවල සාමාජිකයන් පවසන්නේ 1600 කට වැඩි සංඛ්‍යාවක්‌ අතුරුදන් වී ඇති බවට අදාළ නාම ලේඛනයක්‌ එවකට පැවති බවයි. එහි නිරවද්‍යතාව කෙසේ වෙතත් මෙම වකවානුව තුළ සිදු වූ තරුණ සංහාරය සියයක්‌ - දෙසියයක්‌ තරම් සුළු සංඛ්‍යාවක්‌ නම් නොවේ. එහෙත් තමන්ගේ කිට්‌ටුම ඥාතියා වෙනුවෙන් යුක්‌තිය ඉටුකරදීම ස`දහා හ`ඩක්‌ නැඟීමට අතුරුදන් වූවන්ගේ ඥාතීන් ඉදිරිපත් වීම සිදු වන්නේ ඉතාමත් මන්දගාමී ස්‌වරූපයකිනි. විසිපස්‌ වසරකට පෙර සිදු වූ සිද්ධියක්‌ මත අතුරුදන් වූ නිසා ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන් සමහර විට මිය ගොස්‌ සිටින්නට පුළුවන. සිටියත් ඉදිරිපත් වීම ස`දහා හැකියාවක්‌ නැති වන්නට පුළුවන. ඔවුන්ට දේශපාලන පක්‍ෂවල මෙන්ම සිවිල් සංවිධානවල උදව් අවශ්‍ය කරන්නේ මෙතැනදීය. නමුත් ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබ`දවද සෑහීමකට පත් වීමට නුපුළුවන. 

මහාචාර්ය රා- සෝමදේව සිය වාර්තාවේ මෙලෙස ස`දහන් කර ඇත. "අවසාන වශයෙන් මෙම මිනී වළේ අනාගතය සම්බන්ධයෙන් මම මතවාද දෙකක ඉන්නවා. 

එක තමයි, මෙම ස්‌ථානය දැනට ලංකාවේ හමුවුණු විශාලම සමූහ මිනී වළ නිසා ඉගෙන ගන්නා විද්‍යාර්,Sන්ට තම පර්යේෂණ කටයුතු ස`දහා මෙම ස්‌ථානය පුරාවිද්‍යාත්මකව සංරක්‍ෂණය කර පවත්වාගෙන යාම. දෙවැන්න ඉතාමත් සානුකම්පිත හදවතින් බලලා මේ සිරුරු අයිති නියම හිමිකරුවන්ට නියමිත ක්‍රමවේදයකට සොයාගෙන ගෞරවනීය ලෙස මිහිදන් කිරීම ස`දහා ඔවුන්ට භාරදීම."

අධිකරණයට ඥාතීන් ඉදිරිපත් වීම තුළින් මේ දෙවැනි කාරණය ස`දහා අවශ්‍ය කටයුතු සිදුකරගැනීම පමණක්‌ සිදු කරගත හැකි වනු ඇත. වගඋත්තරකරුවන් සොයා යැමට ඔවුන්ට ද`ඩුවම් පැමිණවීමට, කෙඳිරිල්ලක්‌වත් නඟන්නට ඉඩක්‌ නොතබා, ඝණ'ඳුරේම මිහිදන් වූ මිනිසුනට යුක්‌තිය සාධාරණය ඉල්ලා හ`ඩක්‌ නැඟීමට මිහිදන් නොවුණු මිනිසුන්ගේ හෘද සාක්‍ෂිය අවදි නොවීම නම් සැබෑම අවාසනාවකි.

මිනිසෙකුට ගෞරවාන්විත ලෙස ඉපදීම මෙන්ම මියෑදීමද විශ්වීය මානව අයිතියකි. එම අයිතිය කැලෑ නීතිය තුළ පැහැරගෙන මිනිසුන් මරා දැමුණේ මාතලේ දිද, චෙම්මනි වලදීද, මුල්ලෙවයික්‌කාල් හි දීද, ඔවුන් සිංහල ද, දෙමළද, එම ඝාතන සිදු කරන ලද ඝාතකයන් සන්නද්ධ කණ්‌ඩායම්වලද, රජයේද යන්න පිළිබ`දව කිසිම වෙනසක්‌ නැතිව සමාජයක්‌ ලෙස අප මේ ඝාතනයන්ට එරෙහි විය යුතුය. එමෙන්ම මෙතෙක්‌ ඉතිහාසයේ අප පසුකළ භීෂණ සමයන්හි විපතට පත් සියලු පාර්ශවයන්ට යුක්‌තිය ඉටු කර දීම ස`දහා හදවතක්‌ ඇති මිනිසුන් ලෙස අප එක්‌ව පෙළ ගැසිය යුතුය. ඒ අප ස`දහා නොව, අපේ දරුවන් වෙනුවෙනි. කැරැල්ලකට පසුබිම් වූ සමාජ, ආර්ථික, දේශපාලනික තත්ත්වයන් එලෙසම තබාගෙන ඒවාට එරෙහිව නැඟිටින මිනිසුන් ආයුධ බලයෙන් මැඬ ආණ්‌ඩුවට උවමනා පරිදි ඊනියා සමාජ සාමයත්, සංහි`දියාවත් පවත්වාගෙන යන තත්ත්වයන් තවදුරටත් පරාජය නොකළහොත් නිසැකවම අපේ දරුවන් ඊට ගොදුරු වනු ඇත. ඉතිහාසය චක්‍රයක්‌ වනු ඇත. එබැවින් මෙතෙක්‌ අප ඉතිහාසයේ පසුකළ 71, 87, 90 මෙන්ම උතුර නැගෙනහිර පළාත්වල සිදුවූ එම බිහිසුණු මතකයන් ඉතිහාසය තුළම තබා මානව හිමිකම් සංස්‌කෘතියක්‌ කරා යැමේ අභියෝගයට මුහුණ දීමට සූදානම් විය යුතුය.

ඒ ස`දහා යළිත් වරක්‌ ඉතිහාසය විසින්ම අවස්‌ථාවක්‌ නිර්මාණය කර දී තිබේ. විසිපස්‌ වසරකට පසුව ඔවුන් මිහිමතට අනාරාධිතවම ආවේ ඒ නිසාය. ඔවුන් වෙනුවෙන් අවදි නොවන හෘද සාක්‍ෂිය පෙරළා සමාජයට ලබා දෙන්නේ බිහිසුණු පණිවිඩයකි. ඒ කිසිදාක තවත් කෙනෙක්‌ වෙනුවෙන් පෙනී නොසිටින ගල් ගැහුණු සීතල හදවත් ඇති මිනිසුන් ලෙස ජීවත් වීමට මිනිසුන්ට කරන බලකිරීමයි. එවැනි සමාජයක ජීවත්වීම මළවුන් හා ජීවත්වීම හා සමානය.

"21 වැනි සියවසේ ලොකුම ‍ෙඛ්දවාචකය නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව හො`ද මිනිසුන්ගේ නිහ`ඩතාවයි." මාටින් ලූතර් කිං කළ ප්‍රකාශය සැබැවින්ම අපට කෙතරම් අදාළ ද? 

සුජාතා අලහකෝන්
මාතලේ දිස්‌ත'sක්‌
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී