ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ එරට සංචාරක කර්මාන්තයට බලපායි.



 හර්ෂි සි. පෙරේරා

කාන්තාවට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉන්දියාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 17.7 ක්වූ සංචාරක කර්මාන්තයට බලපෑ තිබේ. ඒරට නව දිල්ලියේ බස් රථයක් තුල 23 හැවිරිදි ශිෂ්‍යාවක දුෂණය කිරීමත් ඇය පසුව මියයාමත් සදහා ලෝකය පුරා දැඩි ප්‍රසිද්දියකට හේතු විය. නමුත් ආණ්ඩුව කියන්නේ එරට සංචාරක වියාපාරය කඩා වැටී නැති බවයි. ගිය මාසයේ මද්යම ඉන්දියාවේ සුවිස් කතක් රංචු ගැසී ස්ත්‍රී දුෂණය කිරීමටත් හෝටල් කළමනාකරු තම කාමරයට කඩා පැන තමනට ලිංගික අතවර කරයි යන බියෙන් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් හෝටල් කාමරයේ කවුළුවෙන් බිමට පැනීමත් දැඩි තැකීමක් ඇති කල කරුණු විය. මෙම දෙවන සිද්දිය වුයේ ඉන්දියාවේ ප්‍රදාන සංචාරකයින් ඇද ගන්නා ස්ථානයක් වූ ටජ් මහල් පිහිටි අග්‍රා හිදීය. සිදු කල අද්යනයකට අනුව දෙසැම්බර් මස නවදිල්ලි රංචු ගැසී දුෂණයෙන් පසුව සංචාරක පැමිණීම 25% කින්ද කාන්තා සංචාරකයින් 35% කින්ද අඩුවී තිබේ. මෙම සංගණනයට සංචාරක ක්‍රියාකරුවන් 1200 ක් සහබාගි කරගෙන තිබේ. එයට අනුව කාන්තා සංචාරකයින්ගේ ආරක්ෂාව සංචාරක සැලැස්මවල් වෙනස් කිරීමට හේතුවී ඇති අතර ඔවුන් අරක්ශාකරියි හැගෙන රටවල් වන තායිලන්තය , වියට්නාමය සහ පිලිපීනය ඒ වෙනුවට තෝරා ගෙන තිබේ.