ඓෂ්චර්ය නොම්බර් එක බඩු අදායම ඉහළට

   
       මෙහි මාතෘකාව කිය වූ සැනින් කෙනෙකුට ආකාර කිහිපයකින්   සිතිය හැකිය. බැලුබැල්මට මෙය ලිපිය ලියන්නාට අතපසුවිමක් වි 'දු ' වෙනුවට 'ඩු'  යෙදී ඇතැයි සිතිය හැක. එසේම මේ ධර්ම රාජ්‍ය ඕක මහා පට්ටපල් බොරුවක් ලෙසද එසේත් නැත්නම් මාධ්‍ය අව භාවිතයක් ඕවගේ මාතෘකා දාන එක ගැලපෙනවද ආදී විවිධ වූ හැගීම් ඇතිවිය හැක. සත්තකින්ම මා මේ ලියන්නේ   පර්සි රාජපක්‍ෂගේ  ආසියාවේ ඓෂ්චර්ය ශ්‍රී ලංකාව පිළිබදවයි.

       ලංකාව වර්තමානයේ ගණිකාවන්ගේ පාරාදීසයක් වි තිබේ. අග නගරය අශ්‍රිතව විශාල ලෙස ගණිකා වෘතිය වර්දනය විමක් සිදු වි තිබේ. ලබා ගත් තොරතුරු අනුව පාසල් වයසේ ළමුන් පවා මේ අශ්‍රිතව විශාල පෙලබිමක් සිදු
තිබේන අතර ඇතම් තැන් ඉතාම ප්‍රසිදියේ තම ව්‍යාපාර කරගෙන යමින් තිබේ. මෙලෙස ගණිකා වෘතිය වර්දනයට බලපා තිබෙන හේතු රාශියකි ඒ අතර,
* ඇති නැති පරතරය ඉහළ යාම
*දුගී බව වර්දනය විම
*එදිනෙද ජීවත්වීමට අවශ්‍ය භාණ්ඩ මිළ අදික ලෙස ඉහල යාම
*රැකියා වියුක්තිය
*රැකියාවෙන් උපයන මුදල ජිවත්විමට ප්‍රමාණවත් නොවිම
*ආණ්ඩුවේ බෙලහීන සුභසාදනය
*අක්‍රමවත් පාලනය
*සංවර්ධන ව්‍යාපෘති ආශ්‍රිතව ඇතිවි තිබෙන දුර්වලතා
*පශ්චාත් යුදසමය තුල ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාකාරිත්වය
*නවීන මාධ්‍ය හරහා ඇති වී තිබෙන ලිංගික ප්‍රචාරණ ව්‍යාප්තිය 


         මේ ආදී විවිධ වූ අර්බුද හේතුවෙන්  ගණිකා වෘතියට යොමු වෙන ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. වරක්  හිතවත්  විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් මා සමග  සඳහන් කල කතාවක් මෙහිදී සදහන් කිරිම වටිනාකමක් ඇත. මිට වසර කිහිපයකට පෙර    ආචාර්යතුමා වෙළදකලාප අශ්‍රිතව කල දෙශනයක  දී සමාජවිද්‍යාත්මකව ගණිකාවන් වර්ග කරණ අයුරු පෙන්වා දී තිබේ ඒ අනුව සාමාන්‍ය ලෙස කාණ්ඩ 10කට පමණ ඔවුන් වර්ග වන අතර මෙම වර්ග කිරිම අසා සිටි මදක් මදුවිතෙන්
ත් වූ අයෙක් අපුරු පැනයක් යොමුකර තිබේ. ඔහු අසා ඇත්තේ ඔබ තුමා ඔය කොච්චර වර්ග ගැන කිවත් මම ලගදි හදිසියකට හෙවුවා ඔය කිසිවර්ගයක එකෙක් හොයාගන්න හිටියේ නැහැ යනුවෙනි. නමුත් මරා ආණ්ඩුව තත්වය වෙනස් කර තිබේ අද වන විට ඕනෑම තරමේ අයෙකුට අවශ්‍යතාවය තිබේනම් තමන්ගේ මුදලට ගැලපෙන ගණිකාවක්  ලබාගත හැකිවි තිබේ.

       මේ තත්වයේ ඇති අතිශය කණගාටු දායක තත්වය වන්නේ අඩු වයසේ  පාසල් ළමුන් මේවාට ඇබ්බැහී විමයි. මෙහිදී ප්‍රශ්නය තිබෙන්නේ ලංකාව තුල මෙතෙක් සමාජ ආර්ථික දේශපාලන ක්‍රමය තුල ලිංගිකත්වය සගවාගෙන තිබිම සහ එයින් මුදවාගෙන විදිමත් විද්‍යාත්මක දැනුමක් ඔස්සේ ලිංගිකත්ව පිළිබද කථා කිරිමටත්  එම  තමාගේ  ස්භාවික  අවශ්‍යතාවය සපුරා ගැනිමේ ක්‍රමොපයන් මෙරට තුල නිසි පරිදි  පිහිටුවා නොතිබීමත්  හේතුවෙනි. 


අජන්ත ඉලේපෙරුම