බණ්ඩාරගම පොලිසිය ;- ඥාතීන්ට බැලීමට ඉඩ නොදේ.



හර්ෂි සි. පෙරේරා

2013.04.02 දින උදේ 8 ට පොලිසියේ දැනුම්දීම පරිදි සපුතන්ත්රිගේ රවී නිශාන්ත සහ දින්ගිරිගේ දර්මසිරි ප්‍රනානදු බණ්ඩාරගම පොලිසියට ගියහ. ඔවුන්ව පොලිසියේ රදවා ගත් අතර දැන් ඥාතීන්ට බැලීමට ඉඩ දෙන්නේ නැත. මේ ගැන ඔවුන්ගේ බිරින්දෑවරු ප්‍රියංගනී පිරිස් සහ අනෝජා පුෂ්පකුමාරි 2013.04.02 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කර සිටියහ. ඔවුන් 78 බි 04, අට්ටික්කාගහවත්ත, කුබුරුගොඩ , බණ්ඩාරගම පදිංචිකරුවන් වේ. ඔවුන් අදාල ලිකිත පැමිණිලි මගින් ඉල්ලා සිටියේ ඥාතීන්ට බැලීමට ඉඩ දෙන ලෙසත් වදහිංසා පමුණුවන්නේ නම් එය නතර කර වහාම අදිකරණයට ඉදිරිපත් කරන ලෙසත් වියාජ චෝදනා යටතේ නඩු පැවරීම කරන්නේ නම් එය වහාම නතර කරන ලෙසත්ය.