දර්ශිනි විමලසුරිය
පසුගිය මාර්තු 17 වන ඉරිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බර් නේවාසිකාගාරයේ නැවතී සිටි පළමු වසර ඉංජිනේරු සිසුන් කණ්ඩායමකට ජේෂ්ඨ සිසුන් විසින් අමානුෂික අයුරින් නවක වදය ලබා දී ඇති බව හෙළි වේ. නවක සිසුන් බලහත්කාරයෙන් දීර්ඝ වෙලාවක් අඩ නිරුවත් කොට වියායාම කරවා ඉන්පසුව ඔවුනට පිළුණු වූ බත් වැලි සහ පරවූ මල් සමග අනුභව කිරීමට සලස්වා තිබේ. මේ නිසා සමහර සිසුන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර පවා ගෙන ඇත. මෙසේ අමානුෂික ලෙස නවක වදය දුන් ජේෂ්ඨ සිසුන් විසින් මේ සම්බන්දයෙන් විශ්ව විද්‍යාල පරිපාලකයන්ට කිසිවක් නොකියන ලෙසටද නවකයන්ට තර්ජන එල්ල කොට ඇතත් හිංසනයට පත් වූ නවක සිසුන් කීප දෙනෙකු විසින් මෙම නවක වද ක්‍රියාව පිළිබඳව ලිබිතව පැමිණිලි කොට තිබේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ශාන්ත හෙන්නායක මහතා පවසන පරිදි මම අමානුෂික නවක වදය සඳහා දෙවන වසරේ ඉංජිනේරු සිසුන් ජේෂ්ඨ සිසුන් විසි දෙනෙකු පමණ සහභගි වී තිබේ. පසුගිය වසරේද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අමානුෂික ලෙසින් නවක වද තිබුණු අතර ඒවා වැළැක්වීමට හෝ නවක වදය ලබා දුන් ජේෂ්ඨ සිසුන්ට එරෙහිව පියවර ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිපාලනය අපොහොසත් විය.