ගෘහස්ත ප්‍රචණ්ඩත්වය



හර්ෂි සි. පෙරේරා

ඇය නමින් තෙන්නකෝන් දිසානායකලාගේ ලීලා දිසානායක වේ. වයස අවුරුදු 55 යි. විවාහක දරුවන් 02 කයි. අංක 85, අලුත්ගම , බණ්ඩාරගම පදිංචිව සිටි. ඉහත ලිපිනයේ ඇයත් සමග ඇගේ පුතා වන නිහාල් දම්මික සහ ඔහුගේ බිරිද ශ්‍යාමා නිරෝෂනි පදිංචිව සිටි. නිවසේ සියලු ගෘහ බාන්ඩ වල අයිතිය ඇත්තේද ඇයටය. 2013.02.02 සහ 2013.02.03 දින ඇයට ලේලිය සහ දියණිය විසින් පහරදී ඇත. මෙනිසා ඇය බණ්ඩාරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් අතර සිය පුතා විසින් බලකර ටිකට් කපා ගෙන ගෙදර ගොස් තිබේ. 2013.03.16 නැවත ඇයට ලේලිය සහ ලේලියගේ ඥාතීන් විසින් පහරදී ඇති අතර පුතා ඇයව මන්නයකින් කැපීමට උත්සහ කර ඇත. මේ පිලිබදව බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර ඇති අතර බණ්ඩාරගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඇය පවසන්නේ තමාට සිදුවන හිරිහැර සම්බන්දයෙන් බණ්ඩාරගම පොලිසිය පියවර නොගන්නේ තම පුතාගේ මිතුරෙකු වන පොලිස් නිලදරියෙකුවන තිලක් රණවීරගේ බලපෑම මත බවයි. ඇය 2013.03.18 දින පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.