"ශ්‍රී ලංකාව යුද අපරාද පරික්ෂා කිරීමට අපොහොසත් වෙයි".- UN



හර්ෂි සි. පෙරේරා

බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සහ වාර්ගික යුද්දයේ අවසාන අදියරේදී සිදුවූ දහස් ගණන් මිනිසුන් මියයාම පිළිබද චෝදනා විබාග කරන බවට ශ්‍රී ලංකාව දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ වාර්තාවක් සදහන් කරයි.

 මානව හිමිකම් විශේෂඥයින් සදුදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියාසිටියේ දේශීය බලදාරීන් විමර්ශන පැවැත්වීම අවිනිශ්ෂිත සහ සුවාදින නොවනවා මෙන්ම අපක්ෂපාති නොවන බවයි.

2006 අගෝස්තු ප්‍රංස සමාජ සේවයකට අයත් සහන සේවකයින් 17 දෙනෙකු මරා දැමීම ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලන්ගනයන් සම්බන්දයෙන් අපරාදකරුවන් නිතිය හමුවට කඩිනමින් පමුණුවන බවට ආණ්ඩුව පොරොන්දු වූ නමුත් කිසිදු පරීක්ෂණයක් කර නැති බව ඔවුන් පවසති.

එක්සත් ජාතින් පෙන්වා දෙන ආකාරයට 1972 සිට 2009 මැයි අතර කාලයේදී ලක්ෂයක පමණ ජනතාවක් මැරුම් කා ඇත. යුද්දයේ පසු අදියරේදී සිවිල් වැසියන් 40,000 ක් පමණ ගාතනය වූ බවට ජාත්‍යන්තරය එය හේලා දකිමින් චෝදනා කලද ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කරයි.

 එළබෙන ජිනීවා හි එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු සැසිවාරයේදී තමන් ජනාදිපති රාජපක්ෂගේ ආණ්ඩුව වූ පොරොන්දු ඉටු කිරීමට බල කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය වරණ මොෂමක් ගෙන එන බව කියයි.

තවද මෙම විශේෂඥයින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සුවාදීන මාද්යට සහ මානව හිමිකම් ක්රියදරයින්ට විරුද්දව එල්ලවන ප්‍රහාර අකණ්ඩව ක්‍රියාත්මක වන බවත් සිරකරුවන් අදිකරණ ක්‍රියාදාමයෙන් බැහැරව මරා දැමීම පිළිබද චෝදනා එල්ල වන බවත්ය.