පානදුර දුෂණ මර්දන ඒකකය; - නයනජිත් නොහොත් නයාගේ වැඩක්.



හර්ෂි සි. පෙරේරා

 ගල උඩගමගේ ලසන්ත චාමර 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. රැකියාව කම්කරුය. ඔවිටියගල කබල්ලගොඩ, හොරණ පදිංචිකරුවෙක් වේ. 

2013.02.02 දින කුබුරු වැඩ නිමා කර ගෙදර එමින් සිටියදී පානදුර දුෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ගෙන එන අතරතුර අසල කුරුදු වත්තකට ගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. ඒ අරක්කුයි බැරලුයි ඉල්ලමිනි.

 ඔහුට කුරුදු වත්තේ බිම නිදා ගන්නට කියා පොලිස්කාරයින් දෙදෙනෙක් අත්දෙකෙන් අල්ලාගෙන සිටියදී තව පොලිස්කාරයෙක් යටි පතුල් වලට කුරුදු පොල්ලකින් පහරදී තිබේ. ඔහු ගෙදර ගොස් බිමට මිලදී ගත් කසිප්පු පැකට් දෙකද බොන්නට කියා කලිසම ගලවා උඩ පනින්නට කියා ඇත. ඔහුගේ කැගැසීමට අවටසිටි මිනිසුන් එතනට පැමිණ තිබේ. ඔහුගේ බෙල්ලටද පොලිස්කාරයින් කුරුදු පොල්ලකින් පහරදී ඇත. ඊළගට කුරුදු වත්තේ තිබු ලිදකට ගොස් ඔහුව නාවා ඇත. 

පසුව හොරණ පොලිසියට රැගෙන ගොස් බෝම්බයක් දමන බවට තර්ජනය කර බෝතලයක් ගෙන්වා එයට ඔහුගේ ඇගිලි සලකුණ ගෙන තිබේ. ඉන්පසුව කුඩුවට දමා ඇත. රාත්‍රී 10.30ට පමණ පොලිස් බැදුම්කරයක් මත මුදා හැර තිබේ. ඔහුට විරුද්දව ගොඩා ග්‍රෑම් 1650 ක් දමා ඇති බැවින් 08 වැනිදා අදිකරණයේ පෙනී සිටින ලෙස උපදෙස් දී ඇත.

 ඔහුගේ අසනීප තත්වය උග්‍ර වූ බැවින් ඥාතීන් විසින් හොරණ රෝහලට ඇතුලත් කර ඇත. ඔහු හොරණ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ 2013.02.05 දින දක්වා ප්‍රතිකාර ලබා ගෙන තිබේ. ඔහු එක්ස් කිරණ පරීක්ෂණ කිහිපයකට මුහුණ දී ඇති අතර බෙල්ලට කොලරයක් දමා ඇත. රෝහල් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කර තිබේ. 

ඔහුට පහරදුන්නේ නයනජිත් නමැති නිලදාරියා බව ඔහු පසුව දැන ගෙන ඇත. ලසන්ත පොලිසියේ සිටියදී සමන් සරසවි පුෂ්ප කුමාර ඔහුව බැලීමට හොරණ පොලිසියට ගොස් ඇත. ඔහු 42 හැවිරිදි විවාහක තිදරු පියෙකු මෙන්ම වියපරිකයෙකි. පුස්වලද්දර, කනන්හෙන, හොරණ පදිංචිකරුවෙකි. ඔහු ලසන්තට පහරදී ඇති බව හොරණ මුලස්ථාන පොලිස් පරික්ෂකටද දැනුම් දී තිබේ. දුෂණ මර්දන ඒකකයේ වසන්ත සහ නෙලුම් බණ්ඩාර සමන්ට 07260024222 දුරකතනයෙන් කතා කොට නයනජිත් මහත්තයා නයා බව දන්නවනේ ලසන්තගේ කෙස් එක ඔතනින් ඉවර කර ගන්නයි දැනුම් දී තිබේ. 

දැන් දුෂණ මර්දන ඒකකයේ නිලදාරීන් සමන්ට හිරිහැර කරති. නයනජිත් මේ ආකාරයට කටයුතු කරන්නේ සමන් මිට පෙර නීති විරෝදී මත්පැන් අලවියේ යෙදි සිටියදී ඔහුට මසකට රුපියල් 10000 ක් දී ඇති අතර එවිට ඔහු නඩු නොපවරා සිටියි. දැන් සමන් මෙම නීති විරෝදී කටයුත්තේ නිරත වන්නේ නැත. නමුත් නයනජිත් සල්ලි ඉල්ලන අතර එය නොදෙන නිසා එයට පලිගැනීමක් ලෙස සමන්ට හිරිහැර කරයි. සමන් මේ පිලිබදව නයනජිත්ට විරුද්දව දුෂණ මර්දන ඒකකයටද පැමිණිලි කර තිබේ. 

සමන් සහ ලසන්ත යන දෙදෙනාම මේ පිලිබදව 2013.02.06 වැනි දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට , කළුතර නියෝජ්‍ය පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.