ඉංගිරිය පොලිසිය;- මව සහ කුඩා දියණිය නීතිවිරෝදී ලෙස රදවා තබා ගනී.



හර්ෂි සි. පෙරේරා

ලියනගේ දොන් ඩල්සි ජයසිංහ 36 හැවිරිදි විවාහක එක් දරු මවකි. දිවෙල්වල, ගටකොස්සව, හදපාන්ගොඩ පදිංචිව සිටි. 2013.02.04 වැනි දින දහවල් 12 ට පමණ ඇගේ නිවසට ඉංගිරිය පොලිසියෙන් පැමිණ ඇත. ඔවුන් පැමිණියේ සිවිල් ඇදුමින් යුතුව ත්‍රිරෝද රථයකිනි. 

 ඔවුන් නිවසේ ඉදිරිපස කාමරය පරික්ෂා කිරීමට පටන් ගෙන තිබේ. ඒ අවස්ථාවේ ඩල්සි මොනවාද සොයන්නේ යන්නෙන් විමසුවිට ස්ථානදිපති "උබලා කසිප්පු විකුනනවනේ ඒවා හොයන්නේ ? යයි පවසා ඇත. මිට මාස 08 කට පමණ පෙර ඩල්සිගේ සැමියා මෙම වියාපාරයේ නිරත වුවද දැන් එය නතර කර ඇත. ඇගේ සැමියා අසනීප තත්වයේ පසු වේ. 

ඉන්පසුව නිලදාරීන් මුළු නිවසම පරික්ශා කරනු ලැබිණි. ඉන්පසුව ඩල්සිව සහ දියණියව අත්අඩංගුවට ගෙන ඉංගිරිය පොලිසියට ගෙන ගොස් තිබේ. ඒ අවස්ථාවේ කිසිදු පොලිස් කාන්තාවක් සිට නැත. පොලිසියට ඔවුන්ව ගෙන යන අතරතුර නොයෙක් හිංසාකාරී වචන කියමින් පිඩාවට පත්කර තිබේ.

 පොලිසියේදී ස්ථානදිපති ඇයට සැමියාට එන්න කියන්න නැතිනම් බෝතල් 08 කට නඩු දානවයි තර්ජනය කර ඇත. මේ අවස්ථාවේ දුරකතනයෙන් කතා කල විට ගෙදර තිබු රුපියල් 10,000 ක් නැති බව ඇගේ සැමියා පවසා ඇති අතර ඔහුට මුදල් නැති නිසා පොලිසියට ඒමට නොහැකිව තිබේ. 

ඇයවත් දරුවවත් පොලිසියේ රාත්‍රී 7.30 වනතෙක් කිසිදු කෑමක් නොමැතිව පොලිසියේ බන්කුවක් උඩ ඉන්දවා තබා ඇති අතර හවස 5.30 ට පමණ පොලිස් කාන්තාවක් දරුවාට යෝගට් එකක් පමණක් දී ඇත. ඉන්පසුව ඔවුන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබා නොගෙන මුදා හැර තිබේ. 

නිවසට ගියවිට මුදලින් රුපියල් 10,000 ක් රුපියල් 4000 ක් වටිනා දියණියගේ කරාබු ජෝඩුව සහ සැමියාගේ ටෙස්ටරයක්, ලයිටරයක් අතුරුදහන්ව ඇති බව දැන ගැනීමට ලැබී ඇත. 

ඇය මේ පිලිබදව 2013.02.05 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී.