සැබැ දේශප්‍රේමියා

        පසුගිය දින කිහිපයේ මහත් කතාබහට තුඩුදුන් කරුණක් වුයේ හලාල් සලකුණ හා එය ලබාදීමේ නිතියානුකුල බාවය පිලිබදවයි. කෙසේනමුත් අද මාධ්‍ය වාර්තා වලට අනුව ජමේතුල්ලා උලමා සභාව හලාල් සහතිකය ලබාදීමේ ක්‍රියාවලිය රජයට බාරදීමට තීරණය කල බව සදහන් වේ. සත්‍ය ලෙසම මෙය අගය කල යුතු හැසිරීමකි, සැබැ  දේශප්‍රේමිත්වය නම් මෙයයි.   එක එක වංස වතුන් තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීමට කරන ඊනියා උපවාස හා මහා වේදිකා වලට නැගගෙන කරන මීහරක් තර්ක විතර්ක වල  දේශප්‍රේමිත්වය නොමැති බව  අට වසර සමත් සියල්ලෝ දනිති. එයිනුත් එහාට (සම)හරක් දේශප්‍රේමිත්වය යොදාගන්නේ තමන්ගේ හුදු බල උවමනාවන් මුදුන් පමුණුවා ගැනීම සදහාය. මේ සියල්ල ඉදිරියේ   ජමේතුල්ලා උලමා සභාවේ හැසිරීම සියලු සැබෑ දේශප්‍රේමින්ගේ පැසසුමට ලක් වන්නේ නිරායාශයෙනි.

       ඉතිහාසයේ සිට ලංකාව විෂයෙහි දැකියහැකි සුවිශේෂී ලක්ෂණය වන්නේ සුළු ජාතීන්ට එරහි මහා ජාතියේ නැගිසිටිමයි. මොකද මහා ජාතිය නිරන්තරයෙන් නැගිසිටියේ  තමන්ගේ සංස්කෘතිය, ආගම සුළු ජාතින් විසින් ගිල ගන්නා බව ප්‍රකාශ කරමිනි. මේ සියලු පුහු තර්ක දේශපාලන කුහකයන් තමන්ගේ බලය රැකගැනීමට යොදා ගැනීම නිසා ලංකාවේ ඉතිහාසය නිර්ලජ්ජිත සිදුවීම් වලින් ගහනය. ලංකා ඉතිහාසයේ මුලින්ම ෆෙඩරල් විසදුමක් ඉල්ලා සිටින්නේ  1920 දශකයේ උඩරට සංගමය විසිනි, එයින් පැහැදිලි වන්නේ රටේ වෙනම කොටස් ඉල්ලා සිටියේ අවස්ථාවාදි සිංහලුන්ම බවයි. මෙහිදී මතක් කල යුතු අනෙක් කරුණ වන්නේ දෙමළ ජනතාවට ඒ මොහොත වනවිට වෙන්ව යාමේ අදහසක් පැවතිබවට කිසිසේත් හදුනා ගැනීමට නොලැබීමයි.


         ලංකාවේ වර්තමාන දේශපාලනයේද ඉහත තත්වය හොදින් අවබෝද කරගැනීමට ලැබේ. කෙසේ නමුත් අප ප්‍රශ්න කල යුතු වන්නේ ජාතිය, ආගම රට පාලනය කිරීම   සදහා යොදා ගැනීම කොතරම් සාදාරනද යන්යි. මොකද මේ තුලින් ජාතික වූ මතවාදයක් ගොඩනැගීමට කරන බල පෑම සුළුපටු නොවේ.
                                                                                                                                        

                                                                       අජන්ත ඉලේපෙරුම