අම්බලන්ගොඩ පොලිස් මැරයින් මහපාරේ මහදවල් අබු සැමියන්ට පහර දෙති.



හර්ෂි සි. පෙරේරා

 2013.02.20 දින මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට, දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පතිට සහ ඇල්පිටිය පොලිස් අදිකාරී වෙත යොමු කලේ ලද්දු කුමාර විසිනි. හෙතෙම 35 හැවිරිදි විවාහක තිදරු පියෙකි. රැකියාව වඩු කාර්මික හා රියදුරු වේ. පන්සල පාර ආදදොල වතුගෙදර යන ලිපිනයේ පදිංචිව සිටි. 2013.02.13 දින සවස පාන් මිලදී ගැනීමට මෝටර් සයිකලයෙන් කඩයට යමින් සිටියදී අම්බලන්ගොඩ පොලිසියේ නිලදාරීන් ඔහුව නතර කොට ඇද සිටි සරමද ගලවා ප්‍රදේශවාසීන් ඉදිරිපිට අමානුෂික ලෙස පහරදී තිබේ. එතනට පැමිණි ඔහුගේ බිරිදටද පොලිස් මැරයින් විසින් පහරදී ඇත. ඔවුන් දෙදෙනා බලපිටිය රෝහලින් ප්‍රතිකාර ද ලබා ගෙන තිබේ. ලද්දු කුමාර මිට පෙර නීතිවිරෝදී මත්පැන් අලෙවියේ නිරත වුවද දැන් ඒ සියල්ල නතර කර සාමකාමී වඩු කාර්මික සහ රියදුරු වුර්තියේ නිරත වේ. ඔහු බලදරින්ගෙන් ඉල්ලා සිටින්නේ මහා පාරේ නිරුවත්කොට තමාට සහ තම බිරිදට පහරදුන් අම්බලන්ගොඩ පොලිසියේ නිලදාරින්ට විරුද්දව විනයනුකුලව සහ නීතිමය පියවර ගන්නා ලෙසත් එම නිලදාරීන් තර්ජනය කල පරිදි වියාජ නඩු පැවරීමෙන් වලක්වන ලෙසත්ය.