උල්පස්ස හා එගොඩයාය ඉඩම් මංකොල්ලය

| රවින්ද්‍ර කාරියවසම්

දැවැන්ත ලෙස රට තුළ නිර්මාණය වී ඇති ඉඩම් මංකොල්ලය දිනෙන් දිනම ඉහලයමින් පවතී. එය තවදුරටත් තීවෘර කරමින් මහපොලව කොල්ලකමින් යන ගමනේ නැගෙනහිර පුරාණ බිම් හා වනසංරක‍ෂිත ප්‍රදේශවලටද මේ වනවිට රජය අත තබා ඇත.

වසර සිය ගණනක ඉතිහාසයක් කැටිව සිංහල, දමිළ සහ ආදිවාසී සහෝදර ජනතාවගෙන් පැවත එන පරපුරේ උරුමය වනසමින් ඉඩම් අක්කර 1220 ක් නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් මේ වනවිට බලයෙන් අත්පත් කරගෙන ඇත.

2010.06.17 දින ටී 56 ගිනි අවි සමඟ පැමිණි පිරිසක් ගම්වැසියන්ට පහර දී පළවා හැරීමෙන් ආරම්භ වූ මෙම ඉඩම් පැහැරගැනීම මේ වනතෙක් නවතා දමා නැත.

ඉහතින් සඳහන් කල අක්කර 1220 තුළට පානම උල්පස්ස සමුද්‍ර නාග රජමහා විහාරය, පානම රාගමවෙල ශී්‍ර වාලූකාරාමය, පානම වෙහෙරකෙම වෙහෙරගල රජමහා විහාරය සහ කින්නරගල වැනි පෞරාණික ස්ථාන ද ඇතුළත් වේ.

මෙයින් උල්පස්ස සමෘද්‍ර නාග රජමහා විහාරය, මහාදාඨික මහා නාග යුවරජතුමා විසින් රහතන් වහන්සේලා සාදහා පූජා කරන ලද,පූජනීය ස්ථානයක් වන අතර, ගරා වැටුන සAථුපයක්, මල් ආසන, කළුගලින් සාදන ලද පොකුණු, ශිලා ලේඛන ආදී නටඹුන් දැකිය හැකිය. ගම්මුන්ට අනුව සංඝයාවහන්සේලාගේ හා ශාසනයේ මතු පැවැත්ම උදෙසා මහානාග යුවරජු විසින් තැන්පත් කළ නිදන් රාශියක් ද මෙහි ඇති බවට සළකුණු ඇත. කෙසේ වෙතත් එම ස්ථානය වැඳපුදා ගැනීමටත්, මේ වන විට එම ප්‍රදේශයට යෑම පවා නාවික හමුදාව විසින් තහනම් කර ඇත.

එමෙන්ම වෙහෙරකෙම වෙහෙරගල රජමහා විහාරය ද, පානම රාගම්වෙල ශී්‍ර වාලූකාරාමයට ද ඇති තත්ත්වය මෙලෙසම ය. 1960 දශකයේ ආරම්භ වූ රාගම්වෙල විහාරස්ථානය ත්‍රස්තවාදි උවදුරු සමයේ විනාශ වී ගිය ද 2010.01.25 දින නැවතත් සඟ සතු වීය. නමුත් නාදුනන තුවක්කරුවන්ගේ පහරදීමෙන් පසු මෙම පංසලට අයත් ඉඩම ද පොලීසිය භාරයට ගෙන ඇති අතර 2012.08.23 වන දින වනවිට එම ඉඩම ඇතුළු ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව විසින් අත්පත් කරගෙන ඇත.

එයින් ද නොනැවතිී එම පූජා භූමි ඉඩම්වලට අයිතිවාසිකම් කීම නවතන ලෙස වෙල්ලස්ස දිගාමඩුල්ල දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පානම ශී්‍රී චන්දරතනාභිධාන හිමියනට නොයෙක් ලෙස බලපෑම් කරමින් පවති. පූජා භූමි ඉඩම් මෙන්ම පානම ගම්වැසියන් සිය හේන් ගොවිතැන් කළ රාගමවෙල ඉඩම් මේ වනවිට ගුවන් හමුදාව භාරයට ගෙන ඇති අතර, එහි නැවත හේන් වගාකිරීමට හෝ එම භූමියට අයිතිවාසිකම් කිීමට ගම්වැසියන්ට අවසරයක් නොමැති අතර, සංචාරක ව්‍යාපාරවල අවශ්‍යතා සාර්ථක කිරීමට හෝ විදේශීය කොම්පැනිවලට විකිණීමට මෙම ඉඩම් හමුදාව යොදා බලහත්කාරයෙන් පැහැර ගනිම්න් සිටී.

මෙලෙස පරිසරයේ අයිතිය ද, මෙම බිමේ පරම්පරා උරුමකරුවන්ගේ ජීවත්වීමේ අයිතියද විනාශ කරමින් පැහැරගත් ඉඩම් අක්කර 1220 න් අක්කර 835 ක් වන සංරක‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑ ඉඩම් ය. උල්පස්ස එගොඩයාය යන ප්‍රදේශවලට අයත් මෙම වනාන්තර ඉඩම් වියලි කලාපීය ලක‍ෂණ දරණ වනාන්තරවලින් සමන්විතවන අතර, පලූ, වීර, කළුවර වැනි ශාකවලින් ගහණය වී ඇත. එමෙන්ම පානම මහවැවේ සිට කලපුව දක්වා දිවයන ප්‍රධාන දිය කදුරද මෙම වනාන්තරය මැදින් දිවයන අතර නාවික හමුදාව විසින් ඉදි කළ හෝටලය පිහිටා ඇත්තේ මෙම වනාන්තර අවසානයේ කලපුව හා මුහුද අතර ඇති වන තීරයේ ය.

ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍රදේශයක් වන එගොඩයාය හා උල්පස්ස වන තීරය හා තෙත් බිම් තීරය කලකට සංචාරක පක‍ෂීන්ගේ පරාදීසයක් බවට පත් වේ. මෙරටට ආවේණික කොටපිඹුරා,ඨදබටහකදචබසි ක‍දබසජි ඉරුඩසැර, කුඩා මැඩිල්ලා Aිචසාමර් ඨමැබඑයැරස ත‍ැරටමිදබ, වයිරන් දත්ක කැටියා ධකසටදාදබ ඒැබසදක්එමි වැනි මෙරට ආවේණික උරග විශේෂය ද, උග්‍ර විෂ සහිත තෙල් කරවලා ඊමබට්රමි ක‍්ැරමකැමි මෙරටට ආවේනික විෂ සහිත සර්ප විශේෂයක්වන දෙපත් කළුවා ක‍්කකසදචබසි පැක්බමරමි ීසබබ්කැහමි ඇතුළු සර්ප විශේෂ ගණනාවක් මෙම වනාන්තර ප්‍රදේශවලින් හමු වී ඇති අතර පක‍ෂ විශේෂ ගණනාවක් ද මෙම වනාන්තර ප්‍රදේශය වාසභූමි කරගනිමින් ජීවත් වේ.

එමෙන්ම වනසත්ව හා වෘක‍ෂලතා ආඥා පනත යටතේ ආරක‍ෂණ සතුන් ලෙස නම්කර ඇති උත්පතන මැ~ියා ෑමචබසහජඑසි ක‍හ්බදචබසහජඑසි වෙල්මැඩියා ත‍ැවැරඩ්රහ් ඛසපබදිය්රසි වැනි උභය ජීවින්ට ද මෙම වනාන්තර ප්‍රදේශය වාසස්ථාන සලස්වා ඇත.

එමෙන්ම සාගම අභය භූමියේ සිට කුඩිම්බගල අභය භූමියටත් යාල නැගෙනහිර නැත්නම් කුමන ජාතික වනෝද්‍යානය දක්වාත් අලි ඇතුන් ගමන් කරන ප්‍රධාන අලිමංකඩ වැටී ඇත්තේ ද උල්පස්ස හා එගොඩයාය ආශි්‍රත වන ප්‍රදේශයෙන් ය.

එමනිසා මෙලෙස උල්පස්ස, එගොඩයාය, පානම, ශාස්ත්‍රවෙල, රාගමවෙල කැලෑ ඉඩම් ඇතුළු භූමිය විනාශ වීම සමස්ථ ජෛව විවිධත්වයටම බරපතල හානියක් ඇැති කරන අතර, අනාගතයේ දී පානම ඇතුළු අවට ගම්වාසීන්ට අලි-මිනිස් ගැටුමට දැඩි ලෙස මුහුණදීමට මෙම කාරණය හේතුවක් වේ.

පානම ඇතුළු අවට ප්‍රදේශවල සිදු කෙරෙන මෙම ඉඩම් මංකොල්ලය පිළිබඳ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට ගරු ජනාධිපතිවරයා දක්වා දැනුවත් කළ ද එය නවතිනවා වෙනුවට සිදුවූයේ දිනෙන් දින ආරක‍ෂක අංශ මඟින් රජයේ අවශ්‍යතාවයන්ට අනුව ඉඩම් පැහැර ගැනීමෙන් හා ජෛව විවිධත්වය විනාශ කිරීම හා ප්‍රදේශවාසීන් ආනාථයන් බවට පත්කිරීමයි.

එමෙන්ම රාජ්‍ය අංශ මෙම ප්‍රදේශවාසීන්ට දැන් කියන්නේ පරම්පරා උරුමයක් තිබුණත් අවශ්‍යතා මත එම ඉඩම් ජනතාවගෙන් හා සතා සිව්පාවුන්ගෙන් උදුරා ගත යුතුව ඇති බවයි.

පානම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කැලෑ ඉඩම්, හෝටල් සෑදීමට ආරක‍ෂක අංශ භාවිතා කරමින් සිටියද එයට අවශ්‍ය නීතිමය අවසරයක් ඔවුන් ලබාගෙන නොමැති අතර, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝටල් සෑදීම සඳහා වනාන්තර ඉඩම් ලබාදීමට ද අයිතියක් නැත.

එමෙන්ම අපේ පුරාණ රජ දරුවන් විසින් අගත, අනගත ,චතුශ,සතුදිස යැයි ගලේ කොටා ශ්‍රි සමිබුද්ධ ශාසනයට පූජා කල වෙහෙර විහාරස්ථාන හා ඒවායේ ඇති නිදන් වස්තු පැහැර ගැනීමට වසර පහයෙන් පහට පත්වෙන ආණුඩුවලට අයිතියක් නොමැත්තේය.

මේ වනවිට පානම කලපුව හා මුහුද අතර ඇති වනාන්තර ඉඩම් තුළ හෝටල් කබානා 10 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති අතර, එය 1981 අංක 34 දරණ වෙරළ සංරක්ෂණ පනතේ විධිවිධාන අමුඅමුෙවි උල්ලංඝනය කරන්නකි. එයට හේතුව වගාවක් හෝ ගස් සිටුවීමක් හැර වෙරළ ආශ්‍රිතව සිදුකරන ඔිනෑම කි්‍රයාවලියක් සංවර්ධන කටයුත්තක් වන අතර, එවැනි සංවර්ධන කටයුත්තක් කිරීමේ දී, ආර්ථීක,සමාජීය, පුරාවිද්‍යාත්මක, පරිසර හා පාංශ= විද්‍යාත්මක ඇතුළු සියළු අංශයන්ගෙන් සමන්විත තක්සේරු වාර්තාවක් සිදුකොට වන හානිය අවම නම් පමණක් බලපත්‍රයක් ලබාගත හැකි නිසා ය.

නමුත් පුරාවිද්‍යා හා පාරිසරික උරුමය ද වනසමින් පැහැරගන්නා වනාන්තර හා ඒවායේ ඉදිකිරීම් සඳහා කිසිදු ආකාරයක මූලික පරිසර අධ්‍යයන වාර්තාවක් හෝ පරිසර තක්සේරු වාර්තාවක් සිදුකර නොමැත.

2009 අංක 22 වනජීවී හා වෘක්ෂලතා ආරක‍ෂක පනත, 1981 අංක 54 දරණ වෙරළ සංරක‍ෂණ පනත, අනදරය පිළිබඳ ආඥා පනත වැනි ප්‍රධාන නීති ප්‍රවාහයන් කඩකරමින් බලහත්කාරයෙන් සිදු කරන මෙම ඉඩම් මංකොල්ලය ජීවීන්ගේ ද, මිනිසුන්ගේ ද ජීවත්වීමේ අයිතිය ද උදුරාගෙන ඇත.

1948 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 3 වගන්තිය :්රඑසජකැ 3- අනුව සෑම පුද්ගලයෙකුටම නිදහසේ ජීවත්වීමට අයතියක් ඇති අතර එහි 30 වගන්තිය :්රඑසජකැ 30- අනුව එම හිමිකම කඩකිරීමට කිසිම පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ රජයකට අයිතියක් නොමැත්තේ ය.

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නීති හා අයිතිවාසිකම් කඩකරමින් සිදු කරන මෙම දැවැන්ත පරිසර සංහාරය නැවත්වීමේ වගකීම හා බලය, ගරු ජනාධිපතිවරයා, පරිසර අමාත්‍යාංශය, ආරක‍ෂක අමාත්‍යාංශය, ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය සතුව ඇත.

අප දැන් ඔබලාට කියන්නේ අසාධාරණ හා අයුක්තිසහගත ලෙස සිදුකරන මහපොලව කොල්ලකෑම දැන්වත් නවතන ලෙසයි. මෙය දිගින් දිගටම සිදුවුවහොත් ජෛව විවිධත්ව උණුසුම් කලාප 25ට අයත් වී ඇති ශී්‍ර ලංකාව ලෝකයේ පරිසර විනාශය සිදුකරන රටවල් අතර රන්පදක්කම දිනා ගන්නා කාලය වැඩි ඈතක නොමැත.

සියටැල්ලාට හිමිබිම අහිමි කළ ඇමරිකා එක්සත් ජනපදයේ සංහාරකයින් හා ඔබලා අතර ඇති වෙනස කුමක් ද? වෙනසකට ඇත්තේ උපන් බිමේ උපන් උන් අතින්ම මේ පින්බිම වැනසීමයි.

අප ඔබලා සමඟ යුදවැදීමට හෝ සටන් කිරීමට එන්නේ නැත. එයට හේතුව අප එතරම් අන්තවාදින් නොවන නිසා ය. ලේ හෙළවීමකින් හෝ ජීවිතයෙන් වන්දිගෙවීමකින් තොරව ජනතාවගේ ඉඩම් ජනතාවටත්, දේවාල ඉඩමි දෙවියන්ටත් ,වෙහෙර, විහාර, පූජා භූමි ඉඩම්් මහා සංඝරත්නයටත් කැලෑ ඉඩම් සතා සිවුපාවුන්ටත් නිදහස් කර, පානම ට නිදහස ලබාදෙන ලෙස මම නැවතත් ඉල්ලා සිටිමි.