පානම ඉඩම් මංකොල්ලය වහා නතර කරනු.



හර්ෂි සි. පෙරේරා
 
පානම ඉඩම් කොල්ලයේ ආරම්බය 2010.06.17 දින ටි 56 න් සන්නද්ද වූ පිරිසක් පැමිණ ගම්වාසීන්ට පහර දී එළවා දැමීමෙන් සිද්ද විය. එය අදටත් ඒ අයුරින්ම සිද්ද වේ. පරිසරවේදීන් ප්‍රකාශ කරන ආකාරයට ඉඩම් අක්කර 1220 ක් නාවික හමුදාව සහ ගුවන් හමුදාව මේවන විට බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබේ. මෙම අක්කර 1220 තුලට පානම උල්පස්ස සමුද්‍ර නාග රජමහා විහාරය, පානම රාගමවෙලා ශ්‍රී වාලුකාරාමය, පානම වෙහෙරකම වෙහෙරගල රජ මහා විහාරය සහ කින්නරගල වැනි පවුරාණික ස්ථානද ඇතුලත් වේ. පුජා බුමි ඉඩම් වලට අයිතිවාසිකම් කියන්න එපයි වෙල්ලස්ස දිගාමඩුල්ල දෙදිසාවේ ප්‍රදාන සන්ගනායක ශාස්ත්‍රපති පානම ශ්‍රී චන්දරතනබිදාන හිමියනට නොයෙක් බලපෑම් එල්ලවන බවද වාර්තා වේ. මෙම අක්කර 1220 න් 835 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කෑලා ඉඩම්ය. එයින් එගොඩයය සහ උල්පස්ස වන තිරය සහ තෙත් බිම් තිරය ජයිව විවිදත්වය අතින් පොහොසත්ය.