පින්වත්ත පොලිසියේ බොක්සර් වැඩ පෙන්වයි.






හර්ෂි සි. පෙරේරා

මුරුක්කුවදුර රන්ජනී සිල්වා 60 හැවිරිදි වියේ පසුවන විවාහක දරුවන් 05 දෙනෙකුගේ මවකි. ඇය අංක 11 උතුරු තල්පිටිය, වාද්දුවේ පදිංචිව සිටි. ඇය 2012.09.25 වැනිදා මානව හිමිකම් කොමිසමට, ජාතික පොලිස් කොමිසමට, පොලිස්පතිට, කළුතර ජෙෂ්ට පොලිස් අදිකාරිට, පහත සිද්දිය පිලිබදව ලිකිතව පැමිණිලි කළාය. 2012.09.24 දින උදේ 9.45 ට පමණ පින්වත්ත පොලිසියෙන් පැමිණ ඇගේ පුතාව ගෙදර නිදා සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු නමින් කැලුම් නිශාන්ත සිල්වාය. 31 හැවිරිදි ඔහු කම්කරුවෙකු ලෙස රැකියාව කරන අවිවාහක අයෙකි. ඥාතීන් පොලිසියට ගියවිට ඔහුට කොච්චි මිරිස් ඇස් වලට දමා පහරදී ඇති අයුරු දැක ඇත. මේ පහරදීම නිසා ඔහු අසාද්‍ය තත්වයේ පසුවිය. පොලිසියට ගිය ඔහුගේ මව කුඩුව තුලදී තම පුතාගේ නළලට බොක්සර් නමැති නිලදාරියා පොල්ලකින් පහර දෙනුද දැක තිබේ. අද එනම් 2012 .09.25 දින ද උදේ තම පුතාව බැලීමට රන්ජනී සිල්වා පින්වත්ත පොලිසියට ගොස් ඇත. මේවන විටත් රංජනීගේ පුතාවන කැලුම් නිශාන්තව පින්වත්ත පොලිසියේ රදවා ගෙන සිටි. -->