පොලිසිය VS පොලිසිය;- ඉගිනියාගල පොලිස් සැරයන් 44215 තවමත් රෝහලේ.




හර්ෂි සි. පෙරේරා

2012.06.18 දින ඉගිනියාගල පොලිසියේ ලොක්කා එනම් ඩයස් තමා යටතේ සිටි පොලිස් නිලදාරී සුනිල් ජයරත්නට 44215 අමානුෂික ලෙස වදහිංසා පමුණුවන ලදී. සුනිල් අම්පාර දිසා රෝහලට පහරකෑමට ලක්වූ දිනම ඇතුළු විය. ඉන්පසුව ජුනි 29 කොලබ මහා රෝහලටත් එතනින් එනම් ජුලි 02 සිට අද දක්වාම කොලබ නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝදන පනතේ ( ඒ ) වගන්තියේ මෙසේ සදහන් වේ. "යම් තුවාලයක් හේතු කොට ගෙන හෝ යම් තුවාලයක් නිසා කල යුතු වූ ශල්‍යකර්මයක් හේතු කොට ගෙන දින විස්සක කාලයක් තදබල ශාරීරික වේදනා විදීමට සිදු කෙරෙන හෝ තමාගේ සාමාන්‍ය කටයුතුවල නිරතවීමට නොහැකි වන අන්දමේ යම් තුවාලයක්"බරපතල තුවාලයක් වේ. මේ සිද්දිය කියාපාන්නේ මහජන මිත්‍රශීලි අබිමානවත් ශ්‍රී ලංකා පොලිසියේ අබ්යන්තර සුවාබාවයයි. මෙවන් පොලිස් ස්ථානදිපතිවරු තමා යටතේ සිටින නිලදාරින්ට සලකන ආකාරය මෙබදුනම් ඔවුන් දනයෙන් බලයෙන් අඩු රටේ සාමාන්‍ය මහජනයාට සලකන්නේ කෙසේදැයි සිතා ගැනීම අපහසු නැත. ඉතින් 18 වැනි විවස්ත සංශෝදනය හදුන්වා දෙමින් පොලිස් කොමිසම අකර්මන්‍ය කල, නිතිය මත පාලනය (RULE OF LAW) අතුරුදහන් කල රාජපක්ෂ රෙජිමයට අපි කුමක් කියමුද?