අයාලේ යන නිතිය නඩු බාන්ඩ වලටත් කෙළියි.


හර්ෂි සි. පෙරේරා

"දඹුල්ල උසාවියේ නඩු භාණ්ඩ කාමරය අද අලුයම කඩා නඩු භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. සොරාගත් භණ්ඩ කවරේදැයි උසාවි නිලධාරීන්ගේ සහයෙන් පොලිසිය සොයා බලයි." මෙය අදිකරණ කාර්ය මණ්ඩල සහ ආරක්ෂක අංශ වල දැනීමකින් තොරව සිදුවිය නොහැක. අදිකරණ විනිසුරන්ගේ ගෙවල් වලට ගල් ගසන කාලයක මේවා ඇතැමෙක් සුළු සිද්දීන් ලෙස සලකනු ඇත. නමුත් මෙය මහා පරිමාණ විනාශයක මුලාරම්බය විය හැක. ජේ ආර් ජයවර්දන පාලන සමයේත් විනිසුරුවරුන්ගේ ගෙවල් වලට ගල් ගසන ලදී. නමුත් එයට නීති ක්ෂේත්‍රයට සම්බන්ද වූවන්ගෙන් විරොදයක් ඇති වුයේ නැත. එහි නෂ්ටාවශේෂ 2012 වසරේ මන්නාරමෙන් යලි කරලියට පැමිණෙන ලදී. නමුත් මෙවර නීතිඥ සංගමයේ එඩිතර බව හමුවේ නීති ක්ෂේත්‍රයේ බලවත් විරෝදතාවයකුත් එයට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්නයි ඉල්ලා අදිකරණයට යාමකුත් සිදු විය. එය ඉතා හොද පියවරකි. ඒ නිසා දබුල්ල උසාවියේ සිදුවූ මෙම අවාසනාවන්ත සිද්දිය සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කරන ලෙස ජනතාව බලදාරීන්ට බල කල යුතුව ඇත. ජනතාවගේ නිදහස යුක්තිය සහ දේපල සුරැකෙන්නේ නැති ප්‍රජතන්ත්රවදයකින් වැඩක් නොමැති බව මහා ජනතාව අවබෝද කර ගතයුතු අතර මේ තත්වයේ වෙනසක් ඇති කලහැක්කේ ඔවුන්ටම බව ඔවුන්ගේ සාමුහික ප්‍රයත්නයකටම පමණක් බව ඔවුන් විසින් අවබෝද කර ගතයුතුව තිබේ.