"අද ඇෆ්ගනිස්ථානයේ අපේ වඩාත්ම නරක දවස" - ඕස්ට්‍රේලියානු අගමැතිනි.

හර්ෂි සි. පෙරේරා
 
මෙම ප්‍රකාශය කලේ ඕස්ට්‍රේලියානු අගමැතිනිය වන ජුලියා ගිලාඩ් ය. ඒ එකිනෙකට වෙනස් සිදුවීම් දෙකකදී ඕස්ට්‍රේලියානු හමුදා බටයින් 05 දෙනෙකු ඇෆ්ගනිස්ථානයේ මරා දැමීම ගැන අදහස් ප්‍රකාශ කරමිනි. බදාදා නිල් මත කොළ ප්‍රහාරය හේතුවෙන් උරුළ්ග ප්‍රාන්තයේ සොල්දාදුවන් තිදෙනෙක්ද බ්‍රහස්පතින්දා හෙල්මන්ඩ් ප්‍රාන්තයේ හෙලිකොප්ටර් අනතුරකින් අනෙක් සොල්දාදුවන් දෙදෙනාද මරු වැළදගෙන තිබේ. කුක් දුපතේ පැසිපික් දුපත් සමුළුවට සහබාගි වෙමින් සිටි අගමැතිනිය මෙම පුවත සැලවීමෙන් ආපසු ඔස්ට්‍රේලියාව බලා පැමිණ ඇත. 2002 සිට මේ දක්වා ඇෆ්ගනිස්ථානයේදී ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාවට අයත් සොල්දාදුවන් 38 දෙනෙකු මියගොස් ඇත.