සැම්සුන් දිනයි. ඇපල් පරදියි.

 
 
හර්ෂි සි. පෙරේරා
 
ජපානයේ ටෝකියෝහි අදිකරණයක් සැම්සුන් ඉලෙක්ට්‍රොනික් ඇපල්හි පේටන්ට් උල්ලංගනය නොකළ බව තීන්දු කිරීමත් සමග දකුණු කොරියානු කොම්පැනියට ජය අත්විය. මෙම තීන්දුව ලැබෙන්නේ ගිය සතියේ ඇමෙරිකාවේදී තීරණාත්මක පේටන්ට් නඩුවකින් සැම්සුන් සමාගම පරාජයට පත්වීමත් සමගයි. එහිදී සැම්සුන් සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් අලාබ වශයෙන් ගෙවීමට සිදු විය. මෙය ලොව පුරා මෙම දුරකථන වෙළද පොළ නායකයින් විසින් පවරන බොහොමයක් නඩු අතරින් එකක් පමණි. සැම්සුන් බි බි සි යට ප්‍රකාශ කලේ තමන් අදිකරණ තීරණය සාදරයෙන් පිළිගන්නා බවත් තමන් දීර්ග කාලයක් තිස්සේ සිටි ස්ථාවරය එනම් අපේ නිෂ්පාදන ඇපල්හි බුද්දිමය දේපල උල්ලංගනය නොකළ බව මෙමගින් තහවුරු වූ බවයි.