පෙම් පලහිලවුව නිසා මස්සිනාට අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි.



හර්ෂි සි. පෙරේරා

බණ්ඩාරගම පොලිසිය 40 හැවිරිදි අබ්දුල් ජාවඩ් මොහොමඩ් රෆික් ව 2012.08.23 දින සවස 04 ට පමණ අත්අඩංගුවට ගෙන ඔහුට අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. මේ පහරදීම පොලිසියට ගිය ඔහුගේ බිරිද වන මොහොමඩ් කාසිම් සියානා සියසින් දැක ඇත. මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුව බිරිදගේ මල්ලි හොරේතුඩුව ප්‍රදේශයේ ගැහැණු ළමයකු සමග සම්බන්දයක් පවත්වා ඔවුන් දෙදෙනා 2012.08.07 දින සිට නිවෙස් වලින් පිටව ගොස් ඇති හේතුව නිසා එම ගැහැණු ළමයාගේ නිවැසියන්ගේ අවශ්‍යතාව මත සිදුවුවකි. චායාරුපයේ සිටින්නේ රාෆික් ගේ බිරිදයි.