තිරුචෙල්වම් සිහිවටන සිත්තම විනාශ කිරීමට ගත් අසික්කිත වෑයමක්.

හර්ෂි සි. පෙරේරා

1999 ජුලි 29 වැනිදා ආචාර්ය නිලන් තිරුචෙල්වම් මහතාව එල් ටි ටි ඉ සංවිදානය විසින් ගාතනය කෙරිණි. දෙවෙනිදා රාත්‍රියේ ඔහු සිහිවීමට ඇදී කින්සි පාරේ සහ කින්සි ටෙරසයේ හන්දිය අසල පාරේ සිතුවම විනාශ කිරීමට ට්‍රුක් රථයකින් පැමිණි 15 දෙනෙකුගෙන් පමණ පිරිසක් උත්සහ කර ඇත. අගෝස්තු 03 වැනිදා මේ අසික්කිත ක්‍රියාව ගැන නිලන් තිරුචෙල්වම් පදනමේ විදායක අද්‍යක්ෂ විසින් බොරැල්ල පොලිසියට පැමිණිලි කර තිබේ. මෙය සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව හෙලා දැකිය යුතුය. 1983 කළු ජූලියට සමාන අගෝස්තුවක් අපට 2012 දී අවශ්‍ය නැත. මෙවන් ක්‍රියාවන් බලදාරීන් විසින් ඉවසීම අපව රැගෙන යන්නේ ආසියාවේ ආශ්චර්ය කරා නොව මුළු ලෝකයේම අශිෂ්ටත්වය කරාය.