කුරුවිට පොලිස් ස්ථානදිපතිගේ පතල් කැපීමට විරුද්ද වූ සුගත්ට බොරු නඩු දමයි.



හර්ෂි සි. පෙරේරා

පොත්මුල්ල කන්කානම්ගේ සුගත් රණතුංග 38 හැවිරිදි වියාපාරිකයෙකි. අංක 132/2, නඩුකරදෙනිය, පැරඩයිස්, කුරුවිට පදිංචිව සිටි.

කුරුවිට පොලිසියේ ස්ථානදිපති පොලිස් පරීක්ෂක ආර් ජි සිරිවර්දන 2011 පෙබරවාරි 16 දින කුරුවිට පැරඩයිස් හන්දියේ සිට ගුවන් විදුලි සංස්ථාවට යන පාර බැකෝ යන්ත්‍ර යොදා හාරා මැණික් ඉල්ලම් පස් එකතුකොට බලපත්‍ර ඉඩම් වලට ගෙන ගොස් ගැරීම සිදු කිරීම සම්බන්දයෙන් සුගත් දුරකතනයෙන් කතා කොට පොලිස්පතිවරයාට දැනුම් දුන් විට එයට සම්බන්ද පුද්ගලයින්ගේ විස්තර හා යන පාර සටහන් කර එවන ලෙසට ප්‍රකාශ කරන ලදී. ඒ අනුව සුගත් ඒ අවස්ථාවේ සිටි පුද්ගලයින්ගේ නම් ෆැක්ස් කර යවා ඇත. නමුත් මේ නීතිවිරෝදී පතල් කැපීම නැවැත්වීමට හෝ ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කලේ නැත.

නමුත් වෙනුවට සිදුවුයේ කුරුවිට පොලිසිය සුගත්ට බොරු නඩු දමමින් රක්ෂිත බන්දනාගාර ගත කිරීමට උත්සහ කිරීමයි. ඔහුට එරෙහිව පැවරු එක වියාජ නඩුවක අංකය බි 764/11 වේ. ඔහු මේ නඩුවට මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් වූ විට පොලිසිය අදිකරණයේදී නඩුව ඉදිරියට පවත්වා ගෙන යා නොහැකි බව කියා සිටීම නිසා ඔහු නිදහස් විය.

සුගත්ට එරෙහි ඊලග බොරු නඩුවේ අංකය 1554/11 වේ. ඒ යටතේ 2011.09.14 දින සුගත්ව අත්අඩංගුවට ගෙන පොදු දෙපළ වලට හානි කිරීම යන වියාජ චෝදනාව යටතේ අදිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්දනාගාර ගත කර තිබේ. 2011.10.07 දින ඔහුව ඇප මත මුදා හැර ඇත. එම නඩුව තවමත් පවතී. දැනුත් වෙනත් නඩුවකට සුගත්ව අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලිසිය කටයුතු කරයි. එහි අංකය බි 1223/12 වේ.

මේ පිලිබදව සුගත් 2012.08.03 දින මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම, නීතිපති, පොලිස්පති, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති , රත්නපුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළේය. එම පැමිණිලි වලින් ඔහු ඉල්ලා සිටියේ තමාට වියාජ නඩු පවරා බන්දනාගාර ගත කිරීමට කටයුතු කල කුරුවිට පොලිස් ස්ථානදිපති සිරිවර්දනට විරුද්දව නීතිමය පියවර ගන්නා ලෙසත් නැවතත් තමාට විරුද්දව වියාජ චෝදනා නගා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන කුරුවිට පොලිස් ස්ථානදිපතිගේ උත්සාහය නතර කරන ලෙසත් එම ස්ථානදිපතිවරයාගේ නීතිවිරෝදී ක්‍රියාවන්ට විරුද්දව වහාම පියවර ගන්නා ලෙසත් සහ ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට ආරක්ෂාව සලසන ලෙසත්ය.