කප්පම් සරණට නොතීසි නිකුත් කරයි

ඛණිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ට අධිකරණයේ පෙනී සිටින නොතීසි නිකුත් කරන ලෙස මිනුවන්ගොඩ දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා අද (03) නියෝග කළේය. නිල්පනාගොඩ ව්‍යාපාරිකයකු විසින් ගොනුකර තිබූ නඩුවක් විභාගයට ගනිමින් විනිසුරුවරයා මෙම නියෝගය කළේ . නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තමා සතු මිනුවන්ගොඩ ඉඩමක් සම්බන්ධයෙන් රුපියල් කෝටි දෙක හමාරක කප්පම් මුදලක් නොදීම හේතුවෙන් ඇමතිවරයා විසින් ඉඩම් කොටස් දෙකකට නිතී විරෝධීව ලබාගත් කේවියට් තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම නුඩව ගොනුකර තිබිණි. අදාල කාරණාව හේතුවෙන් තමාට සිදුවී ඇති පාඩුව වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දියක් අය කර දෙන ලෙසත් අදාල ව්‍යාපාරිකායා මේ නඩුවෙන් ඉල්ලා තිබේ.