ඉංගිරිය පොලිස් ස්ථානාදිපති සහ වියාජ පොලිස් නිෂ්කාසන වාර්තා.


හර්ෂි සි. පෙරේරා

චයාරුපයේ සිටින්නේ 19 හැවිරිදි අවිවාහක තරුණයකු වූ ගාල්ලගේ රොෂාන් සජිත් කුමාර සහ ඔහුගේ පියාය. රොෂාන් 2012 මැයි 17 දින ශ්‍රී ලංකා යුද හමුදාවට සෙබළකු ලෙස බැදී ඇත. ඔහු සේවය කලේ හොරණ දොබගොඩ හමුදා කදවුරේය. නමුත් 2012.06.17 දින ඔහුව හමුදා සේවයෙන් ඉවත් කර ඇත. ඒ ඉංගිරිය පොලිස් ස්ථානාදිපති ඉදිරිපත් කල පොලිස් නිෂ්කාසන වාර්තාවක් හේතුවෙනි. එම වාර්තාවේ රොෂාන් නීතිවිරෝදී කටයුතු වලට සම්බන්ද නැති නමුත් ඔහුගේ පියා සම්බන්ද නීතිවිරෝදී මත් පැන් අලෙවියට අදාල නඩු ගැන සදහන් වේ. රොෂාන් පවසන ආකාරයට ඉංගිරිය පොලිස් වසමට අයත් නීතිවිරෝදී කටයුතු වල යෙදෙන පියා සහ පුත්‍රයා යන පුද්ගලයින් එම කදවුරේම සිටිති.නමුත් ඔවුන් පිළිබද පොලිස් වාර්තා වල සත්‍ය කරුණු වසන් කර ඇත. රොෂාන් අවශ්‍ය වුවහොත් ඒ පිළිබද තොරතුරු හෙලිකල හැකි බවද දක්වමින් මෙම නීතිවිරෝදී ක්‍රියාව 2012.07.31 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කරන ලදී. රොෂාන් ජන උදාන ගම්මානය, බටුගම්පොළ, හදපාන්ගොඩ පදිංචිව සිටි.