"අපේ එකෙක් තමයි නොසැලකිල්ලෙන් වැටුන නිසා කරන්න දෙයක් නැහැ" - පයාගල ප්‍රාදේශීය සබාව.



හර්ෂි සි. පෙරේරා

මග නැගුම එමටය. හැමතැනම ආසියාවේ පිබිදෙන ආශ්චර්යයි. මේ කියන්න යන්නේ රත්තරන් ඇමති රෝහිත අබේගුනවර්දනගේ ඥාතියකුට නිතිය ක්‍රියාත්මක නොවීම ගැනයි. වසර 1 1/2 ක් තිස්සේ යුක්තිය ඉටු නොවීම ගැනයි. ඔහු පහලගේ චන්ද්‍රලාල් සිල්වා අබේගුනවර්දන නම් වේ. තිදරු පියෙකි. පදිංචිව සිටියේ ඉහලවඩු ගොඩ, පයාගලයි. ඔහු මියගියේ 2011.01.06 වැනිදාය. ඒ ඇලගහවත්ත පාරේ පාලම පිළිසකර නොකිරීම නිසා තිබුන අඩි 10 ක් දිග වලට වැටීමෙනි. ඔහුගේ බිරිද සිද්දියෙන් පසුව ප්‍රාදේශීය සබාවේ සබාපති හමුවිය. ඔහු දුන් පිළිතුර මේ ලිපියේ උදෘතයයි. රත්තරන් ඇමතිගේ කොයිදෙටත් සහබාගි වූ එනම් දුවව ටියුෂන් පන්ති කැදවාගෙන යාමේ සිට මවට බෙහෙත් ගෙන ඒමට යාම දක්වා පුද්ගලයා ප්‍රාදේශීය සබාව වගකිවයුතු මරණයට බදුන් වුවිට ඔහුට යුක්තිය ඉටු කිරීමට වන්දියක් ලබා දීමට කිසිදු උත්සහයක් ගත්තේ නැත. චන්ද්‍රලාල්ගේ බිරිද රත්තරන් ඇමති හමුවූවාය. ඔහු කිවේ ඉල්ලුම් පත්‍රයක් අරගෙන එන්න මම රස්සාවක් දෙන්නම් කියාය. නමුත් අද වනතෙක් දුන් රස්සාවක් නැත. ඇය ඉතා අසීරුවෙන් තම දරු තිදෙනාගේ කටයුතු සිදු කරන්නීය. ඇය සිද්දියෙන් පසුව කළුතර උසාවියේ නීති ආදාර කොමිසම වෙත ගියාය. නීති ආදාර කොමිසම අදාල ලිපිගොනුව අවුරුදු 1 1/2 ක් ලග තබා ගෙන සිට ඊයේ(2012.07.18) කිවේ දැන් නඩුව කරන්න බැහැ වෙන නීතිඥ මහතෙකු සොයා ගන්න අපි ගාස්තු ගෙවන්නම් කියාය. නීතියක් නැති පිබිදෙන අශ්චර්යේ රග සුවාබාවය මෙයයි. චයාරුපයේ සිටින්නේ මියගිය චන්ද්‍රලාල් සිල්වාගේ බිරිදයි.