ගණිකා වුර්තියේ යෙදීම සහ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යාම.

ඩේලිමිරර් විද්‍යුත් පුවත්පත මෙසේ වාර්තා කරන ලදී. රාත්‍රී සමාජ ශාලාවක පවත්වා ගෙන ගිය ගණිකා මඩමක් වටලන ලදී. මෙහිදී 18 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර එයින් 8 දෙනෙක් කාන්තාවන් විය. ඔවුන් ගණිකාවන් ලෙස රැකියාවේ යෙදුනු බවට සැක කෙරේ. මෙම අත්අඩංගුවට ගත් සියලු දෙනාම ගණිකා නිවාසයක් නඩත්තුකර පවත්වාගෙන යාම සම්බන්දයෙන් අද කොටුව මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලකාවේ නිතිය අනුව ගණිකා වුර්තියේ යෙදීම වරදක් නොවේ. මේ බව ශේෂ්ට්‍රදිකරන මුලික අයිතිවාසිකම් පිළිබද නඩු තීන්දු මගින්ද තහවුරු වී තිබේ. Maximus Danny VS IP Sirinimal Silva, and others SC Application No. 488/98 නමුත් ගණිකා නිවාසයක් පාලනය කිරීම නඩත්තු කිරීම සහ ඊට සහය දීම වරදක් වේ.

හර්ෂි සි. පෙරේරා