යකඩ සුදර්මන් නොදැවී තවමත් කඩුල්ලේ

| අමිල ගුණරත්න

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවක් නිසා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණය විසින් නිකුත් කල වරෙන්තුවක් ඇති පුද්ගලයෙකි. ඔහුට වරෙන්තුව නිකුත් වුයේ 2011 ජුලි 19 වන ය. ඔහුව අත්අඩංගුවට ගෙන මැයි මස 10 දිනට ප්‍රථම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කර ඇත. නමුත් මේ දක්වා පොලිසියට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කොන්දක් නැත. යකඩ හොරා නම් විරුදාවලිය ලත් සුධර්මන් රදලියගොඩ නිදැල්ලේ සිටින අතර පසුගියදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින පෙලපාලියටද සහභාගී විය. ලංකාවේ නිතිය සහ යුක්තිය බිඳ වැටීමේ ජීවමාන උදාහරණය වන වරෙන්තුකාර සුධර්මන් රදලියගොඩ මැයි මස 10 දිනට පෙර අත්අඩංගුවට ගැනීමට නොහැකි වේ නම් පොලිස්පතිවරයා නිල ඇඳුම ගලවා නම්බු පිටින් ගෙදර යා යුතුය.