හිරණ පොලිසියේ මේජර් කාන්තාවක් නිසා පුද්ගලයකුට බොරු නඩු දමයි.



හර්ෂි සි. පෙරේරා

හිරණ පොලිසියේ මෙජර් ලෙස හදුන්වන නිලදාරියාට නිරංජනී නමැති කාන්තාව සමග හිතවත්කමක් ඇත. ඔහු නිතරම ඇගේ නිවසට පැමිණේ. මෙහි ප්‍රතිපලය 2012.05.20 දින ප්‍රියදර්ශනී පෙරේරාගේ සැමියා වූ රුවන් නිශාන්ත පිරිස් ව අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවා වියාජ කුඩු නඩුවක් දමා රක්ෂිත බන්දනාගාර ගත කිරීමය. ප්‍රියදර්ශනී අලුබෝගහවට්ට හිරණ පානදුර පදිංචිව සිටි. වයස අවුරුදු 32 කි. තිදරු මවකි. මේජර් ඇගේ සැමියාව අත්අඩංගුවට ගත්තේ සිය ඉඩමේ ගසක් කපමින් සිටියදීය. ඔහුට හිරණ පොලිස්යේදී පහර දී ඇත. පසුව පානදුර දකුණ පොලිසියට ගෙන ගොස් ඇත. පානදුර දකුණ පොලිසියේ රණසිංහ නමැති නිලදාරියා පොලිසියේ කාමරයක් තුල තම සැමියාව තබාගෙන ඔහුගේ හිස බිත්තියේ අනිනු ප්‍රියදර්ශනී දැක තිබේ. ඊලග නඩු දිනය 2012.06.01 වැනිදාය. ප්‍රියදර්ශනී කියන ආකාරයට හිරණ පොලිසිය මෙසේ තමනට හිරිහැර කරන්නේ මෙජර්ට නිරංජනී සමග පවත්නා හිතවත්කම නිසාය. ප්‍රියදර්ශනී මෙම වදහිංසා පැමිණවීම සහ වියාජ නඩු පැවරීම ගැන 2012.05.22 දින මානව හිමිකම් කොමිසම, පොලිස් කොමිසම, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත ලිකිතව පැමිණිලි කළාය.