මේ හතර බීරි කතාව කරුණාකර පහදා දෙන්න

| අමිල ගුණරත්න

මහාවිලච්චිය, සිවලාපිටිය ප‍්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරි සම්බන්ධ බවට මේවනවිට අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් නිධන් හැරීම සඳහා පැමිණි බවත්, සිවලාපිටිය වැව්පිටිය ඔවුන් එම නිධානය හාරමින් සිටිය ප්‍රදේශයේ ජනතාවගේ මැදිහත් විමෙන් එය වැලකී ගියේය. නමුත් පසුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය පසුගිය දෙවන දා විලච්චිය සිවලාපිටිය ප්‍රදේශයට පැමිණියේ නිධන් සොරකමක්‌ සඳහා නොව සොරුන් කණ්‌ඩායමක්‌ විසින් සොරකම් කරගෙන යැමට සැලසුම් කර තිබූ ඉතා වටිනා වස්‌තුවක්‌ නිත්‍යානුකූලව පොලිස්‌ භාරයට ගැනීමට බවය. නමුත් ලක්බිම පුවත්පත අනාවරණය කරන අන්දමට මිල කළ නොහැකි පුරාවස්තුවක් සොර කල්ලියකින් ආරක්ෂා කර ආරක්ෂක අංශ භාරයට ගැනීමට සිදුකළ බව ‍පොලිස් මූලස්ථානය සඳහන් කරන විලච්චිය සිවලාපිටිය නිදන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇත. ‍පොලිස් අභ්‍යන්තර විමර්ශනයක් ලෙස සිදුවන එම පරීක්ෂණයේදී ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කිහිප දෙනකුට එරෙහිව විනයානුකූල පියවර ගනු ඇති බව ‍පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කොට තිබේ. මේ අනුව පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ගැන අපට විවිධ ප්‍රශ්න මතුවේ. කරුණාකර පොලිස් දෙපාර්තමේන්තුවේ කෙනෙක් මේ හතර බීරි කතාව පහදා දෙන්න.