ඔබට ඕස්ට්‍රලියාවේ / එංගලන්තයේ / ඇමරිකාවේ/ කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු වීමට අවශ්‍යද ?

ඔබට එසේ අවශ්‍ය නම් පහත ක්‍රියා මාර්ග අනුගමනය කරන්න . ප්‍රතිඑල අත්දුටුවයි

රණරාල

1) මුලින්ම ඔබ රැවුල වවා රතු කමිසයක් ඇඳ සමාජවාදය ගැන කතා කල යුතුය.
2) ගම් වල බෝක්කු උඩ සිටින්නන් , කඩපිල්වල රස්තියාදු වෙන්නන් රැකියා නැති විශ්ව විද්‍යාල තරුණයන් හිමීට බාගත යුතුය
3) බා ගැනීම සඳහා සමාජ අසාධාරණ , ධනවාදී රටවල ඇති සුරාකෑම, සමාජවාදී කියුබාවේ ප්‍රගතිය ගැන කිව යුතුය.
4) මාක්ස්වාදය ගැන ලියවුනු සිංහල පොත් ටිකක් පරණ පොත් කඩයකින් හොයාගෙන ඒවා අතේ තබාගෙන තරුණයන්ට කතා කල යුතුය.
5) විචාර බුද්ධිය අඩු එවුන් පමණක් ටාගට් කර ප්‍රශ්න අසන්නන් කඩාකප්පල්කාරීන් හෝ ධනපති පන්තියේ ඔත්තුකරුවන් කියා එළවා දැමිය යුතුය.
6) පන්ති අරගලය සඳහා ආයුධ ගැනීමට සාමාජිකයන්ව පොළඹවා ගත යුතුය.
7) මේ සඳහා මව්බිම නැත්නම් මරණය/ අධිරාජ්‍යවාදයට මරණය ජනතාවට විමුක්තිය / වැනි වැකි නිතර භාවිතා කල යුතුය
8) තමන් සහබාගි නොවී සාමාජිකයන් ලවා හොරකම් මංකොල්ලකෑම් කොට සල්ලි ටිකක් එකතු කර ගත යුතුය.
9) ඒ මුදල් වලින් පාතාලයෙන් ගිනි අවි ටිකක් මිලට ගෙන ඒවා පොලිතින් වල ඔතා වැළලිය යුතුය.
10) සාමාජිකයන් පිරිස ක්‍රමයෙන් වැඩි වෙන විට වළදමා තිබු ආයුද කොල්ලන් අතට දී සන්නද්ධ අරගලය ඇරඹිය යුතුය.
(සන්නද්ධ අරගලය අරඹන විට තමන් සුරක්ෂිත ස්ථානයක සිටීමට වග බලාගන්න)
11) කොල්ලන් බල්ලන් මෙන් ආරක්ෂක අංශ වලින් මැරුම් කන විට එක්කෝ ඉන්දියාවට යන බෝට්ටුවකින් පලා යා යුතුය නැත්නම් හමුදාවේ හෝ පොලිසියේ උසස් නිලධාරියෙකුට ඉතිරි සගයන් පවා දී සිංගප්පුරුවට ගුවන් මගින් යාමට ගිවිසුමක් ගැසිය යුතුය.
12) පිටරට පැනගත් වහාම ධනපති රටක ( ඕස්ට්‍රලියාවේ / එංගලන්තයේ / ඇමරිකාවේ/ කැනඩාවේ ) තානාපති කාර්යාලයකට ගොස් තම ජීවිතය අනතුරේ බව පවසා එසයිලම් ඉල්ලිය යුතුය.
13) එසයිලම් ලැබීමෙන් පසු ධනපති රටේ පදිංචි වී මානව හිමිකම් එන් ජී ඕ එකකට හේත්තු වී සල්ලි ටිකක් හොයාගෙන අදාල රටෙන් ගෙයක් දොරක් වාහනයක් මිලට ගෙන හොඳ කසාදයකුත් බැඳගෙන සැපට ජිවත් විය හැක.
14) ඉඳහිට අරගලය ගැන පොර ටෝක් දෙමින් ලංකාවේ මාධ්‍ය බයියන්වද කොර කළ යුතුය.
15) අරගලයේදී මියගිය කොල්ලන් ගැන ඉඳ හිට කිඹුල් කඳුළු පාරක් හෙලීම මගින් අනාගතයටත් යමක් ආයෝජනය කළ හැක.

(මේ ක්‍රමය තුලින් රට පැනීමට නොහැකි උනොත් අඩුම ගන්නේ විමල් විරවංශ සේ පවත්නා රජයකට හේත්තු වී ඇමතිකමක් ගෙන පරම්පරාව ගොඩදා ගත හැකිය)