ලලිත් කුගන් ගෙන් පසුව දික්වන මහින්දගේ ත්‍රස්ත හස්තය.



හර්ෂි සි. පෙරේරා
අලුත්ම ගොදුර ගුණරත්නම් සහ දිමුතුය. වගකිවයුත්තා එදා 88 /89 යුගයේ අතුරුදහන් වුවන්ගේ ස්මාරකය විවුර්ත කරමින් ආරාදිත දේශනය කල විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අද ජනපති මහින්දය.

අපිට දිමුතුගේ සහ ගුනරත්නම්ගේ දේශපාලනය සමග එගද නැද්ද යන්න අවශ්‍ය නැත. එත් මේ දේවල් නිත්‍යානුකුල ආණ්ඩුවකට කල හැක්කේ නිතිය මත පාලනයට අනුව පමණි.

ඔවුන් මෙරට පුරවැසියන්ය. ඒ නිසා ඔවුන් ගැන ප්‍රශ්න කිරීමට, කතා කිරීමට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සෙසු පුරවැසියන්ට සුජාත අයිතියක් ඇත. නමුත් දැන් සිදුවන්නේ එම සදාචාර අයිතියත් රාජපක්ෂ පාලනය විසින් මුළු මනින්ම සිදිමින් පැවතීමයි.

රාජපක්සට අනුව මේ රටේ සිටින්නේ දෙපර්ශවයකි. එනම් රටට ආදරය කරන සහ නොකරන අයයි. මෙම දේශ හිතයි ශි දේශ ද්‍රෝහී ලේබලය තනිකරම රාජපක්ෂ ආණ්ඩුව විසින් ප්‍රචාරය කරමින් පවත්වා ගෙන යන්නේ විරුද්ද වාදීන් මර්දනයටයි. ඒ සදහා ඔවුන් සිය උපරිමයෙන් රාජ්‍ය මාද්‍ය යොදා ගනී. ඒ තුල සාමාන්‍ය මහා ජනයා රැවටීමේ උත්සාහයක නිරත වේ.

නමුත් රාජපක්ෂ රජය මහා ජනතාවගේ බඩට ගැසීම එනම් ආර්ථිකය එන්න එන්නම අසීරු කිරීමත් සමග පාලනයේ තරම ජනතාවට තේරෙන්නට පටන් ගෙන තිබේ. දිමුතුලා සහ ගුනරත්නම්ලා සිය දේශපාලනය හරහා මෑතකදී වඩාත් සමීපව කටයුතු කලේ මෙසේ පිඩාවට පත් මහා ජනතාව සමගයි. එය රාජපක්ෂ පවුලේ ආණ්ඩු කිරීමට ඔරොත්තු නොදීමේ ප්‍රතිපලය විසින් පළමුව ලලිත් සහ කුගන් අතුරුදහන් කිරීමත් පසුව එනම් ඊයේ දිමුතු සහ ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හරහාත් වියාප්ත වෙමින් පවතී.

ඒ නිසා කල යුත්තේ මෙම ආණ්ඩුවේ අවකල් ක්‍රියා දැඩිව හෙළා දැකීමයි. එසේ නොවුව හොත් අපේ ඉරණමද ලලිත් කුගන් දිමුතු ගුණරත්නම් හා සමාන වීම හෝ ඊටත් වඩා බයානකවිම නොවැලැක්විය හැක.