කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආයුද සන්නද්ධ පිරිසක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉහළ පෙළ ක්‍රියාකාරිකයකු වන ප්‍රේමකුමාර් ගුණරත්නම් මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් බව ඔහු නවාතැන්ගෙන සිටි නිවස අසල ගෙහිමි කාන්තාවක් පොලීසියට කටඋත්තර ලබාදී තිබේ.

කිරිබත්ගොඩ, ගැමුණු මාව‍තේ 291/1 දරණ ඔහු රැදී සිටි නිවසට අද පෙරවරු 4.30ට පමණ ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණි බවත් තමන් ඒ අවස්ථාවේදී සිය නිවසේ ආහාර පිසිමින් සිටි බවත් එම අවස්ථාවේදී තම නිවසට ආයුධ සන්නද්ධව සිවිල් ඇදුමින් පැමිණි 5 දෙනෙකු ලයිට් නිවා දමන ලෙස තර්ජනය කළ බවත් ඇය ප්‍රකාශ කර තිබේ. එමෙන්ම එම අවස්ථාවේදී තවත් 20කට ආසන්න ආයුධ සන්නද්ධ පිරිසක් අසල නිවසේ වහලය මත සිටිනු දුටු බවත් ඇය පොලීසියට කටඋත්තර දෙමින් පවසා තිබේ.

පසුව ඇය 5.15 ට පමණ යළි ජනේල විවෘත කළ මොහොත වන විට ඔවුන් සියලු දෙනා එම ස්ථානයෙන් පිටත්ව ගොස් සිටි බවද ඇය සිය කට උත්තරයේ සඳහන්කර තිබේ.