නව මාද්‍ය සහ නිතිය; පැමිණිල්ල සහ කටඋත්තර.

හර්ෂි සි. පෙරේරා

පොලිසියට පැමිණිලි කිරීමේ ක්‍රම දෙකකි. එක්කෝ පොලිසියට ගොස් වාචිකව පැමිණිල්ල කල හැක නැතිනම් පැමිණිල්ල ලියා ලියාපදිංචි තැපෑලෙන් පොලිසියට යැවිය හැක.

ඊයේ යාළුවෙක් ඇහුවා පැමිණිල්ල කල පුද්ගලයාට තමන් කල පැමිණිල්ලේ පිටපතක් ගන්න පුලුවන්ද කියලා. සිවිල් නඩුවක දෙපාර්ශවයටම තමන් කල පැමිණිල්ලේ හෝ ප්‍රකාශයේ පිටපතක් ගන්න පුළුවන්. අපරාද නඩුවක සැකකරුවකුට නම් ඔහුට විරුද්දව කර ඇති පැමිණිල්ලේ පිටපතක් සහ වරදට බාජනය වූ පුද්ගලයා කල ප්‍රකාශයේ පිටපත ලබා ගන්න පුළුවන්.

අපරාද නඩුවක දී තමාට එරෙහිව කර ඇති මුල් පැමිණිල්ලේ පිටපත ලබාදීම පොලිසිය බොහෝවිට ප්‍රතික්ෂේප කරනවා. එය නීති විරෝදියි.

පොලිසිය බලය යොදා හෝ කැමැත්තෙන් ලබා ගන්නා කටඋත්තර සාක්ෂියක් වශයෙන් යොදා ගන්න බැහැ.

ඊලග පොස්ට් එකෙන් කතා කරමු ලිකිත පැමිණිල්ලක් ලියන ආකාරය ගැන.