| ඒකබුද්ධි විසිනි
1) ශ්‍රී ලංකාව දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමේ උත්සාහයක් - ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ - ඉතින් ආපහු ලෙමන් පෆ් නාඩගමක් පෙන්නමුකෝ
2) රජයට සහය පළකරන රැළියක් අද බලපිටියේ දී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් - ජනසවිකරුවනි අද ඉතින් ගෙදර ඉඳලා හමාරයි
4) සවස 6.30 ත් 9.ත් අතර කාලය විදුලි පරිභෝජනය හැකිතාක් අඩුකරන්න ඇමැති පාඨලී චම්පික රණවක - අයියා ඒ කලේ න්‍යෂ්ටික බලාගාර හදන්න නේද කතා කලේ
5) ජනාධිපතිතුමාට හා රජයට එරෙහිව ජාත්‍යන්තරය ගෙනයන කුමන්ත්‍රණය පැරදවීම උදෙසා මරාගන මැරෙන බෝම්බ කරුවන් වෙන්න තරුණයන් 500ක් පමණ සූදානමින් ( සමාජසේවා ඇමති ෆීලික්ස් පෙරේරා )- යකෝ කොටි ගහන කලේ මුං ටික කොහෙද හැංගිලා හිටියේ
6) මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ තියනවනේ. මම මෙච්චරකල් කිව්වේ නෑ. මොකෝ වැඩක් තියනවයැ පේන්නේ නැති දේවල් කියලා නැත්නම් පෙන්නන්න වෙනවනේ මෙහෙම සිවුර උස්සලා ...( පිටිදුවේ සිරිධම්ම) - මේ මේ මේ වැඩිය ඕක උස්සන්න එපා
7) ආච්චීට අතවර කළාට 18 වසරක් හිරේ (පුවතක්) - කවුද දුමින්දයද ?
8) අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් රාත්තලක මිල රුපියල් 5කින් ඉහළ දමා ඇත - ඉතින් කේක් කාපල්ලා
9) උගත් පාඩම් කොමිසමේ සියලු නිර්දේශ ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා රජය ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අවධාරණය කරයි. (මහින්ද සමරසිංහ අමාත්‍යවරයා )- ඉතින් ඕයි එහෙනම් මොන රෙද්දටද අර අහිංසක ජනසවිකාරයෝ ටික පාරට බැස්සුවේ
10 - බොරු දොස්තරෙක් කොලොන්නෙන් අසුවේ (ලංකාදීප පුවත්පත ) - ඔන්න තව එකෙක් අරලියගහ මන්දිරය පැත්තට ගියා
11 ජපුර අදත් ගුටිකෙළි (ලංකාදීප පුවත්පත ) - නිදහස් අධ්‍යාපනය සමරන්න වෙන්නැති
12 ) ප්‍රසිද්ධ දේශපාලනඥයකු මිනුවන්ගොඩ හොරම්පැල්ලේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පෞද්ගලික අංශ විධායකයකුගෙන් රුපියල කෝටි දෙක හමාරක කප්පමක් ඉල්ලූ බවට මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත (ලංකාදීප පුවත්පත ) - අපේ මර්වියාවත්ද ?
13) මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව පොලීසිවල සහ අල්ලස් කොමිසමට කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ. - ඉතින් ඕවා කොච්චර තිබ්බද්ද කෝ ඕකා හැදුනයැ
14) මෙරට ‘ආසනික්’ පර්යේෂණයට වෝහාරික රිදී පදක්කම (පුවතක්) - අනේ රතනටත් එකක් දෙන්න සීනිගම මිරිස් ඇඹරුවට
Post a Comment