l කිෂානි වැලිවිටිගොඩ
සෙනසුරාදා (03) සවස් කාලයේදී පෝලන්තයේ ප්‍රධාන දුම්රිය මාර්ගය වන වර්සව් ක්රකොව් හිදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මරණයට පත් වී ඇති අතර 50 දෙනෙකුට වඩා වැඩි සංඛ්‍යාවකට තුවාල සිදු වී ඇති බවට විදෙස් පුවත් එජෙන්සි වාර්තා කරයි. මෙම දුම්රිය අනතුරට හේතුව වී තිබෙන්නේ ධාවනය වෙමින් තිබු සීඝ්‍රගාමී දුම්රිය දෙකකින් එක් දුම්රියක් වැරදි දුම්රිය මාර්ගයේ ගමන් කිරීම බව එරට දුම්රිය දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙකු අදහස් දැක්විය.
එරට අගමැති ඩොනල්ඩ් ටසක් එම අනතුර සිදු වූ ස්ථානයට අද (04) උදැසනම තවත් කැබිනට් මන්ත්‍රීවරුන් තිදෙනෙක් සමග පැමිණි බවද වාර්තා වේ. මෙම දුම්රිය අනතුර මෑතකදී එරට සිදු වූ දරුණුතම දුම්රිය අනතුර බව එරට ප්‍රවාහන අමාත්‍ය ස්ලෝව්මීර් නොවැක් විදෙස් පුවත් එජෙන්සි වෙත ප්‍රකාශ කර තිබේ. දුම්රියේ ගමන් ගත මගීන් තවමත් සුන්බුන් අතර සිර වී සිටින අතර ඔවුන් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා, ගිලන් රථ යොදා තිබේ.
Post a Comment