| දර්ශිනි විමලසුරිය
අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති 2012 රාජ්‍ය වෙසක් උත්සව සංවිධාන කමිටු සාකච්ඡාවට ස්ත්‍රී දුෂණයක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සහභාගී වී ඇති බවට එම අමාත්‍යංශයේ සේවකයෝ පවසති. 1999 වසරේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මල්දෙනියගේ ප්‍රියදර්ශනී නම් තරුණියට මිනුවන්ගොඩ රෝහලේ රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී ඇයට බලහත්කාරයෙන් කාම අපරාධයක් කළ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජාවිගොඩගේ දොන් චාර්ල්ස් ජයසිංහ (ජයසිංහ) නොහොත් මුද්දරගම කුකුල් චාලි නැමැත්තා 29/ 3/2012 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති රාජ්‍ය වෙසක් උත්සව සංවිධාන කමිටු සාකච්ඡාවට සහභාගී වී ඇත බවට වාර්තා වේ. මෙම පුද්ගලයා ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ළමා අපයෝජනයක් සම්බන්දයෙන්ද චෝදනා ලැබුවෙකි. එසේම මොහු නොම්බර එකේ බේබද්දෙකු බව ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ සේවකයෝ පෙන්වා දෙති. මෙවැනි චරිත සොදාපාළුවන් සමග රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම විහිළුවක් බව එම සේවකයන් වැඩි දුරටත් දන්වා සිටිති.
මේ සම්බන්දයෙන් රාජ්‍ය නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මෙසේය.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 06 දින මහනුවර දී පැවැත්වීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව අද (29) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැති රාජ්‍ය වෙසක් උත්සව සංවිධාන කමිටු සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා ප්‍රකාශ කළේය. 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති කාල පරිච්ඡේදයේ දී පවත්වන රාජ්‍ය වෙසක් උත්සවය මෙය වන අතර, එය බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින සෙංකඩගල පුරවරයේ දී පැවැත්වීමට රජය තීරණය කළ බවද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පැවසීය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ දී ජාත්‍යන්තරයට ශක්තිමත් පණිවිඩයක් ලබාදිය යුතු බවත් සඳහන් කළ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා, බුදු දහමින් ඉගැන්වෙන මානව හිමිකම් ආරක්ෂා කිරීම, සමානාත්මතාව ලොවට පෙන්වා දිය යුතු බව ද පැවසීය.
ලෝකයේ බොහෝ රටවල් මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදෙස් දීමට උත්සහ ගත්තත් බුදු දහම නිසා වසර දහස් ගණනක් තිස්සේ සිට අප රටේ මානව හිමිකම් ආරක්ෂා වූ ආකාරය ඔවුන්ට පෙන්වා දිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය. උදෑසන සිට සිල් සමාදන් වන සැදැහැවතුන් සඳහා අවශ්‍ය දානමය කටයුතු රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරේ. එදිනට සහභාගි වන බැතිමතුන් සුදු වතින් සැරසී පූජා භූමි කලාපයට ඇතුළු වන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී. ආමිස පූජාවලට මෙන් ම ප්‍රතිපත්ති පූජාවන් සඳහා ද මුල්තැන දිය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යතුමා තමන්ගේ ශක්තියෙන් සහ ධෛර්යයෙන් කරන ලද පුණ්‍ය ක්‍රියා පිළිබඳ සතුටු විය හැකි ආත්ම තෘප්තියක් ඇති කරගත යුතු බව ද කීය. මැයි මස 06 වන ඉරුදින ප.ව. 3.00 ට රාජ්‍ය වෙසක් උත්සවය ආරම්භ වේ. එදින උදෑසන සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පූජා භූමි ප්‍රදේශයේ ආගමික වතාවත් රැසක් සිදු කෙරේ. එදින ගම්පොළ සිට මහ පෙරහැරින් මහා සංඝරත්නය පේරාදෙනියට වැඩම කරවීමටත්, එතැන් සිට ශ්‍රී දළදා මාලිගාව වෙත ප්‍රවිෂ්ඨ වීමටත් නියමිතය. පස්වරුවේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරු ව ආරම්භ වන රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් නව මුද්දරයක් නිකුත් කිරීමට ද පියවර ගැනේ.
මෙම සාකච්ඡාවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, දොළුව, බිම්බාරාම විහාරාධිපති පූජ්‍ය උඩගම ඥානිස්සර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කැෂියන් හේරත් මහතා, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් අනුරාධ ජයරත්න මහතා, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සේනානි ලංකා ජයරත්න මහත්මිය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ.ඩී.සී. ජයසිංහ මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා ඇතුළු සියලු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි ව සිටියහ.
Post a Comment