හර්ෂි සි. පෙරේරා
ඇය රණසිංහ බෙත්මගේ ගුනවතිය. 40 හැවිරිදි ඇය විවාහක තිදරු මවකි. අංක 154/1 වදත්ත හන්දිය, කොටුකරච්චිය හි පදිංචිව සිටි.
2012.01.07 දින ඇය සහ අසල්වාසීන් කිහිපදෙනෙකු අතර ආරවුලක් ඇති වේ. ඇය මේ ගැන ආනමඩුව පොලිසියට පැමිණිලි කල අතර පැමිණිලි අංකය CIB 11 215/90 වේ.
එදින රාත්රියේ පුත්තලම පොලිසියේ නිලදාරීන් 08 දෙනෙකු පමණ ඇගේ නිවසට පැමිණ ඇයව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් නොසැහෙන්න ඇයට අසබ්ය වචන කියමින් බැන වැදි ඇත. ඒ අවස්ථාවේ කාන්තා පොලිස් නිලදාරිනියක් සිටියේද නැත. පොලිසියට ගෙන යන අතර තුර තවත් කිහිප දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියේදීත් ඇයට අසබ්ය වචනයෙන් බැන වදිමින් තර්ජනය කර ඇත. ඇගෙන් ප්රකාශයකට අත්සන් ගෙන ඇත්තේ කියවා තේරුම් කර නොදිය. පසුව උසාවි දමා ඇති අතර ඇප මත නදහස් විය.
පසුව ඇගේ සැමියාවද පුත්තලම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්දනාගාර ගත කර ඇප මත නිදහස් කර ඇත.
ඇය ඉල්ලා සිටින්නේ මෙම නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීම, අවමන් සහගත සැලකිලි, වියාජ නඩු පැවරීම සිදුකල පුත්තලම පොලිසියේ කුමාර නමැති නිලදාරියා ඇතුළු නිලදාරින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි.
Post a Comment