ගල්කිස්ස පොලිසිය අපරාදකරුට පක්ෂපාති වෙයි.



හර්ෂි සි. පෙරේරා

අරුමුගම් සෙල්වදොරයි 44 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. කම්කරුවෙකු ලෙස රැකියාව කරන අතර අංක 76, සරසවිගම, හිදගල පදිංචි කරුවෙකි.

සෙල්වදොරේ සහ ඔහු වැඩකළ ගුනවර්දන බත් කඩයේ මුදලාලි වූ ශිරංග නැමැත්තා අතර ආරවුලක් ඇති වේ. ඔහුට කඩේ හිමිකරු හිග වැටුප් නොදෙන අතර අමානුෂික ලෙස පහර දෙයි. මෙනිසා ඔහුට කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව නතර වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය. ඔහු මේ බව ගල්කිස්ස පොලිසියට පැමිණිලි කරන ලදී. ඔහුට කඩ හිමියාගෙන් රුපියල් 20000 ක් හිග මුදල් ලෙස ලැබීමට ඇත.

ඊට පසුව ඔහුට ගල්කිස්ස පොලිසියට එන්න කියා බස් රථයක නංවාගෙන ඔහුගේ කැමැත්තකින් තොරව ගුනවර්දන බත් කඩයට ගෙන ගොස් තිබේ. කඩයේදී පොලිසිය සෙල්වදොරේට රුපියල් 3000 ක් ලබා ගෙන සමත වන ලෙස පවසා තිබේ. ඒ අවස්ථාවේ කඩේ ගැහැනුන් දෙදෙනක් පිරිමියෙක් සහ කඩේ හිමිකරු සිට ඇත. ඔහු එය ප්‍රතික්ෂේප කළේය.

පසුව පොලිසිය වියාජ චෝදනා නගා සෙල්වදොරේව බන්දනාගාර ගත කරන බවට තර්ජනය කරන ලදී. පොලිසිය ඒ අවස්ථාවේ කඩේ සිටි ගැහැනියකගෙන් තමාව සෙල්වදොරේ විසින් දුෂණය කල බව කියා ඇගෙන් ප්‍රකාශයකට අත්සන් ගන්නා ලදී. මේ අවස්ථාවේ බියට පත්වූ සෙල්වදොරේ සමතයට අත්සන් කර රුපියල් 3000 ක මුදල ලබා ගෙන ඇත.

මෙම පොලිස් නිලදාරීන් දුටුවොත් හදුනා ගතහැකි බව සෙල්වදොරේ කියා සිටි.