සිරියාවේ මියගිය 50 දෙනාගේ වගකීම රුසියාව සහ චීනය බාර ගත යුතුයි.



හර්ෂි සි. පෙරේරා

සදුදා උදැසන වනවිට හෝම්ස් හි සිරියානු හමුදා බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය ගිය සංකයාව අවම වශයෙන් 50 ක් බව වාර්තා වේ. සිරියානු රෙජීමය තමනට ජාත්‍යන්තර මැදිහත්වීම් වලින් මුක්තියක් ලැබුනා සේ කටයුතු කරන බවක් දිස්වේ. එනම් ජනතාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය වැපිරීමට ඔවුන්ට නිදහස් හස්තයක් ලැබුනා හා සමානය. සිරියානු ජනාදිපති බසාර් අල අසාද් ඉල්ලා අස්විය යුතු බවට එක්සත් ජාතින් ගේනා යෝජනාව අසාර්ථක වුයේ රුසියාව සහ චීනය නිශේද බලය පාවිච්චි කිරීමේ හේතුවෙනි. මාස 11 ක් ගතවී ඇති ජනතා නැගී සිටීමේදී මේවනවිට පුද්ගලයින් 6000 ක් පමණ ජිවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.