සිවුමස් සිඟිත්තා ගෙල කපා මරලා

| ප්‍රේමලාල් විජේරත්න

( 24-01-2011 | lankaguardian.com) පාදුක්ක , රිටිගහහේන මාවතගම ප්‍රදේශයේ නිවසක මාස 4ක් වයසැති සිඟිත්තෙකු ගෙල කපා මරා දමා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ (23) උදේ 11 ට පාමණ පොලීසියට ලැබුණු දුරකථන ඇමතුමක් මත පොලීසිය එම නිවසට ගොස් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය වූ අවස්ථාවේ නිවෙසේ දරුවාගේ මව පමණක් සිය ඇති අතර මව දැනට සිහිසුන්ව පාදුක්ක රෝහලට ඇතුළත් කොට තිබේ. එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ දිනූෂ රුක්ෂාන් නමැති සිවු මස් ළදරුවෙකි.

ඊයේ උදෑසන 10.00 පමණ දරුවා ඇදේ තබා මව වැසිකිළියට ගොස් නිවසට පැමිණෙද්දී ගිනි අවියක් අතැතිව සිටි පුද්ගලයෙකු මවගේ මුහුණට කිසිවක් අල්ලා සිහි නැති කොට ඇත.අසල නිවසක පදිංචි දරුවාගේ පියාගේ මව නිවසට පැමිණි විට මව සිහිසුන්ව වැටී සිටින අයුරු සහ දරුවාට සිදුවී ඇති විපත දැක කෑ ගසා අසල් වැසියන් කැඳවා ඇත

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.