භාණ්ඩාගාරයේ ඉහළ නියෝගයකින් රේගුවේ හදිසි වැටලීම් නවතී

| ප්‍රේමලාල් විජේරත්න

( 24-01-2011 | lankaguardian.com) වසරකට රුපියල් කෝටි 100කට වැඩි ආදාමයක් රජයට ලබාදුන් ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමෙන්තුවේ විශේශ කාර්ය සහ සුපරීක්ෂක අංශය කරන හදිසි වැටලීම් , භාණ්ඩාගාරයෙන් ලැබුණු නියෝගයක් මත ඉකුත් සතියේ සිට අත්හිටුවා තිබේ.

රේගු නීති රීතිවලට පටහැනිව දේශපාලන බලවතුන්ගේද උදව් උපකාර ලබමින් මහා පරිමාණයෙන් එතෙරින් භණ්ඩ ගෙන්වීමේ ජාවාරමක යෙදී සිටි ජාවාරම්කරුවන්ගේ නිරන්තර බලපෑම් නිසා වැටලීම් නවතා දමා තිබෙන මෙම අංශය වසා දැමීමේ උත්සහායක් තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

වරායට හා කටුනායක ගුවන් තොටුපලට මෙම අංශයේ නිළධාරින් හදිසියේ ගොස් සිදුකරන පරීක්ෂණවලදී රජයට ලැබිමට නියමිත බදු නොගෙවා බේරී යාමට තැන් කළ ජාවාරම්කරුවන් රැසක් අල්ලාගෙන ඇත.