මාධ්‍ය මර්ධනයට එරෙහි - කළු ජනවාරිය

( 24-01-2011 | lankaguardian.com)  පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට ද`ඩුවම් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම පිළිබදව විරෝධ්‍ය පළ කිරීම ස`දහා ජනවාරි මස 25 වන දින දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට අප සංවිධාන එකතුව තීරණය කර ඇත.

එහිදී විශේෂයෙන් පසුගිය වසර 03ක කාලය තුළදී ජනවාරි මාසය තුළ සිදු වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනයට එල්ල වූ ප්‍රහාරය මෙන්ම මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදහන් කිරීම වැනි බරපතල කරුණු සලකා අදාල විරෝධතාවය "කළු ජනවාරිය" ලෙස නම් කිරීමට තීරණය කරන ලදි.

මේ ස`දහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන සම`ග එක්ව මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වීමට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති ඇතුළු බහුජන ව්‍යාපාර රැසක් සහභාගී වන අතර මෙම විරෝධතාවය පවත්වන්නේ ජනවාරි මස 25 වනදා(බදාදා), සවස 2.30ට කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී ය.