ඇෆ්ගනිස්ථානය : ගණිකාවක් වීම් ප්‍රතික්ෂේප කළාට මාස 5 ක් වැසිකිළියක සිර කරලා

වයස අවුරුදු 15 වන දැරියක ලිංගික කම්කරුවකු වීමට කළ බලපෑම ප්‍රතික්ෂප කළ වරදට ඔහුගේ ස්වාමිපුරුෂයාගේ පවුලේ අය විසින් ඇයට කෲර ලෙස වදහිංසා පමුණුවා වැසිකිළියක් තුළ මාස පහක් තිස්සේ රඳවා සිටීමෙන් පසු බේරා ගැනීමට හැකි වූ බව ඇෆ්ගනිස්ථාන බලධාරීන් මාධ්‍යට ප්‍රකාශ කළේය. ඇෆ්ගන් කාන්තාවන් මුහුණදෙන වදහිංසා වලින් වඩාත් දරුණුතම සිදුවීමක් ලෙස මෙය සැලකෙන බව අඵගන සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සහාර් ගුල් නමැති 15 හැවිරිදි කාන්තාව මෙසේ වදහින්සාවට පමුණුවා සුගරට්ටුවකින් අයගේ සිරුර පුළුස්ස දමා වැසිකිළියක් තුළ සිර කොට අහාර සහ වතුර පමණක් ඇයට ලබා දී ඇත. අදාළ කාරණය සම්බන්ධයෙන් අසල්වැසියන්ට සැලවීමෙන් පසු ඔවුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අය බේරා ගැනීමට හැකි විය.

- කිෂානි