වසර 15 ක් තිස්සේ සැමියාගෙන් පහරකෑමට ලක්වන "ඇය".

හර්ෂි සි. පෙරේරා

ඇය නමින් පද්මනි. වයස අවුරුදු 37 ක් වූ විවාහක සිවු දරු මවකි. බාලම දරුවා පෙර පාසල් යන අතර අනෙක් දරුවන් පාසල් යයි. ඇය ගාමන්ට් යයි. ඇය ගාමන්ට් යාමට පටන් ගත්විට වාහන පේන්ට් කිරීමේ නිරතවූ සැමියා එය අතහැර නිකමෙක් වූ සුපුරුදු ලෙස බේබදු කමට ඇබ්බැහි විය. පද්මනි ගාල්ලේ පදිංචිව සිටි.

පද්මනි වසර 15 ක් තිස්සේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙමින් සිටින්නීය. සැමියා ඇයට පමණක් නොව දරුවන්ටද අසබ්ය වචනයෙන් බනිමින් පහර දෙයි. මෙසේ පහරකෑමට ලක්වූ අවස්ථා දෙකකදීම පද්මනි රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ගෙන ඇත.

අවසානවරට ඇයට පහරදී ඇත්තේ ඊයේ රාත්‍රියේදීය. (2011.12. 21) "පද්මනිට නිවස අසල කඩේ අයිතිකරු ඇය ගාමන්ට් ගොස් එනවිට කියා ඇත්තේ අගේ සය හැවිරිදි පුතා සිගරට් ගෙන යාමට පුෂ් සයිකලයකින් පැමිණි බවත් පාරේ වාහන යන හෙයින් එය අනතුරුදායක බැවින් මිට පසු නොඑවන ලෙසයි. පද්මනි නිවසට පැමිණ සැමියාට කිවේ සිගරට් ගෙන ඒමට අවශ්‍යනම් ඔහුම කඩයට යනු මිස දරුවා එහි නොයවන ලෙසයි. මේ කතාබහ දුරදිග ගියේය. සැමියා ඇගේ ජංගම දුරකථනය පොලවේ ගැසුවේය. හෙතෙම සුපුරුදු ලෙස මිට මොලවූ සුරතින් උස කාන්තාවක් වූ පද්මනිගේ නළලට දරුණු ලෙස ඇන්නේය."

ඇය පවසන ආකාරයට සැමියා වෙනත් කාන්තාවන් සමගද ලිංගික සබදතා පවත්වයි. පද්මනිද සෑම දිනකම ඇගේ කැමැත්ත නොමැතිව ඔහුගේ ලිංගික පිපාසාව සංසිදවීමට සැදීපැහැදී සිටිය යුතුය.

සැමියා මෙසේ තමාට පහරදෙන්නේ බිගත්විට බව ඇය කියන්නීය. හොදින් සිටින විට කරුණු කාරණා පැහැදිලි කරන පද්මනිට ඔහුගෙන් ලැබෙන පිළිතුර වන්නේ " මගේ ජිවිතේ මම වෙනස් කරන්නේ නැහැ" යන්නයි.